Thursday, May 17, 2012

රිදුම් දෙන හදවතට .....


හ්ම්ම් ,මේ ජිවිතේදී තේරුන් ගන්න අපහසුම හැගීම,
ඔව් ඒ ආදරය ..
ඒ පුංචි ආදරය ඇතුලේ
සතුට ,සොම්නස සිනාව වගේම
පුංචි පුංචි සිත් අමනාප කම්
නැතුවම නෙවෙයි
එයයි සොබාවික ආදරේ හැටි
ඒ වගේ අවස්ථාවකදී ,
ඔබේ මුවින් පිට වෙන පුංචි අකුරක් උනත්
හරිම වේදනා කාරී වෙන්න පුළුවන්,
ඔබටත් එහෙම අත්දැකීම් ඕන තරම් ඇති.
එහෙවු එකේ ........
නුබට පුළුවන් නං
තමන් ආදරය කරපු කෙනාව දාල
හිටි හැටියේ වෙන කෙනෙකුගේ තුරුලට යන්න,
හ්ම්ම් .......
හැමදාම රෑට ෆෝන් එක කනේ ගහන් හුරතල් උන
ඔබේ අංකය කාර්යබහුල කර ගන්න
ඒ මොහොත
කොපමණ වේදනාකාරී වේවිද ?
ඔබටත් උනොත් මේ වගේ දෙයක් අත්විදින්න,
ඔබට දරන්න පුළුවන් වේවිද?
ඔබත් මොහොතකට හිතන්න
මේ ඔබේ ක්‍රීඩාව ජිවිතයක් සමග බව,
ආදරයට ආදරය කරන්න,ජීවිතය විදින්න.
 
මගේ හොදම බොක්කේ ෆිට් එකක් කියපු එයාගෙම අත්දැකීමක් තමයි මේ වචන වලට හේතු සාදක උනේ,ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට ඒ ආදරේ නැති  උනාම දැනෙන වේදනාව කියල නිම කරන්න බෑ,ඇත්ත ආදරයක් කියන්නේ හරියට ජිවිතයක් වගේ දෙයක්,අපි දැකල තියනවා ,
 

සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ කියන්නේ හරියට සෙල්ලන් බඩු වගේ.අන්තිමේදී ඒ ළමය අඩ අඩ පස්සෙන් අවම ලෝකේ තියන නොහොබිනා වචන ඔක්කොම කියල චරිතේ පවා ගාතනය කරනවා,අනේ කොල්ලනේ ,ඇත්තට ආදරේ කරන කෙල්ලේගේ චරිතේ කියන්නේ එයාලට තියන වටිනාම දේවලින් එකක්,ඒනිසා කවදාවත්ම ඇත්තට ආදරය කරන කෙල්ලෙක්ව රවට්ටන්න එපා.
 

ඒ වගේම තමයි සමහර කෙල්ලෝ ඉන්නවා,එයාල හොයන්නේ කොල්ලගේ තත්වේ,පස් කරපු විභහග,මිල මුදල්,යානවාහන,ලස්සන,ඔන්න ඔය වගේ දේවල්,ඒ වගේම අමාරුවෙන් එකතු කරන සල්ලිටිකෙන් හොදට ජොලි කරලා අතිමේදී වෙන කොල්ලේ එක්ක ලැජ්ජාවක් නැතුව හිටිහැටියේ යන්න යන එක ,අනේ කෙල්ලනේ,කොල්ලෙක් අඩ අඩ  පස්සෙන් එන්නේ කොල්ලට ඒ කෙල්ල නිසා මුකුත් නැති වුන නිසා නෙවෙයි,ඇත්තටම ආදරේ නිසා ,ඒ නිසා කවදාවත්ම ඇත්තට ආදරේ කරන කොල්ලෙක්ව දාලා වෙන කොල්ලෝ පස්සේ යන්න එපා.
 

මේ මොනවා කරත් ඒ හැමෝටම ලොකු පවක් තමයි කරගන්නේ
 

අහා ...තව දෙයක් ...ඔය බොරුවට ආදරේ කරන්න කෙල්ලෝ කොල්ලෝ ඉන්නේ...අන්න උන් නං සෙට් උනාට කමක් නෑ ....ගන්න ඕනේ ඔක්කොම අතල් අරගෙන,හුරගන්න ඕන ඔක්කොම සල්ලි හුරගෙන පස්සේ ඒ වගේම වෙන එකේක් එක්ක යාලු වෙයන් ...මොකද ඒවගේ උන්ට චරිතෙන් වත් ආත්ම ගරුත්වයෙන් වත් වැඩක් නැති නිසා ...

10 comments:

  1. hariyatama hari....niyamaetama kiyala tiyenawa...:)

    ReplyDelete
  2. කථාව අමුලික ඇත්ත ඒත් අනේ මන්දා එක පැත්තක ඉදගෙන කථා කරන්න පුලුවන් දේවල් නෙමෙයි මෙවිවා

    ReplyDelete
    Replies
    1. හ්ම් දෙපැත්ත ගැනම හිතල තමයි ඉතින් ලිව්වේ :D :D

      Delete