Sunday, October 30, 2011

නිල් දිය පිරුණු වැව් තෙර හිදිලා...

නිල් දිය පිරුණු වැව් තෙර හිදිලා...
ඉතිරි වූ කදුළු බිදු
වැවට ජිවය දෙනවා,
ඒ කදුළු වැවේ..
සුන්දර සිහිල් සුලන් නැති වේවි
ලස්සන රැලි ගොඩට නොනැගේවි
හිදිනු
වැව් බිම ඉරිතැලිලා
හරියට මහා කම්පාවකින් වගේ..
අනේ........
මේ වැව අයේ කවද පුරවන්නද?
මේ කදුලින්
වැව් කන්ඩියත් හෝදගෙන ගිහින්...
වැව දහසකට අඩන්න කදුළු තිබුනත්
වැඩක් නෑ....
ඒ වැව අයෙත් පුරවන්න බෑ..
එහෙම පිරෙව්වත්
මොකටද කදුළු වැවක්
මේ වැව වගේ ...ඉරිතලා මගේ හදවතත්..
ඇතැම් විට....
අනෝරා වැසි වැටේවි....
වැසි දියෙන් වැව පිරියාවි...
පෙර සේම රැලි නැගේවි..
එත්...අමතක කරන්න එපා...
වැව් කන්ඩිය බිදී ගිහන් හමාරය්
දැන්..


Wednesday, October 26, 2011

සුබම සුබ උපන්දිනයක් මගේ සුදු අම්මේ...

හ්ම් ..........
අද මගේ අම්මගේ උපන්දිනේ.. මට අද ගොඩාක් සතුටුය්....වෙනදාටත් වඩා...මොකද ජිවිතේ පලවෙනි වතවට මගේම සල්ලි වලින් මගේම අම්මට උපන්දින තෑගි ගේනවා..
දස මාසයක් කුසේ තියාගෙන  මාව මේ ලෝකෙට බිහි කරන්න මගේ අම්මා කොච්චර දුක් විදින්න ඇතිද (අහ.... අමතක උනා.....මොන දස මාසෙද....මම ඉතින් දැන් වගේම තමය් ඒ කාලෙත් හදිස්සි කාරය ... ඒ නිසා මාස 8න් ආවලු ..).
89 කලබල කලේ මගේ ජිවිත බේරන්න නොවිදින දුක් වින්ද බව ඔයා නොකිව්වට මම දන්නවා අම්මේ..එහෙම හදල වඩල අද අපිව සතුටින් තියන්න මොන තරම් කැපවීමක් කරන්න ඇතිද?...
ඒ හැම දේටම වගේ මම බිව්ව කිරි බින්දුවක් බින්දුවක් ගානෙම ගෙවල ඉවර කරන්න බැරි ණය කාරයෙක් වෙලා ඉවරය්  ...ඒ හැම දේටම මට කරන්න පුළුවන් එකම දේ මගේ අම්මව සතුටින් තියන එක විතරමය් ....මම අද මගේ අම්මගේ සතුට එයාගේ ඇස් දෙකෙන් දැක්කා ....මම තෑගි දුන්නම "පිස්සුද ළමයෝ ..මොකටද මෙවෙ ගෙනාවේ" කියල කිව්වට...මම දැක්ක අම්මේ ඔයාගේ ඇස් දෙකේ තිබුන සතුට..ආඩම්බරය....ඒ  සතුටය්  ආඩම්බරයි හැමදාමත් මගේ අම්මගේ ඇස් දෙකේ රදවන්න මම උපරිමය කරනවා..මම ගොඩාක් අදරෙය් මගේ සුදු අම්මට ... සුබම සුබ උපන්දිනයක් මගේ සුදු අම්මේ...

Monday, October 24, 2011

අනේ යකුනේ,පොඩ්ඩක් හිතපල්ලා...




















නේ යකුනේ,පොඩ්ඩක් හිතපල්ලා...
උබල ඔය උජාරුවෙන්
උරණ ඔය දුම් වැටියෙන්
උබලගේ වගේම උබල වටේ ඉන්න
අපෙත් ජිවිතත් කෙටි වෙනවා කියල.....
සමහර කාලකන්නි ඉන්නවා...
"සිකරට් එකක් බොන්නේ නැත්තන් කොල්ලෙක්ද බං"
කියා හරි උජාරුවට කියන අය,
එත් උන් තාම දන්නේ   නැතුව ඇති
ඔය සිකරට් එක නිසා උන්ගේ පිරිමි කමත්
ටිකෙන් ටික  නැති වෙන බව,
තවත් සමහර කාලකන්නි කෙල්ලෝ ඉන්නවා
"අනේ මෙය,එය ඔය ඉදල හිටලා එකක් බිව්වට කමක් නෑ
කොල්ලෝ ඔහොම තමය් " කියන අය...
හිතපල්ලා ටිකක් ..ඒ විනාස වෙන්නේ තමන්ගේ මිහිහ කියල..
උබල දන්නවද ...
මේ ලෝකේ ,හැම තත්පරයකම..
ඔය උජාරුවෙන් බුම් වළලු පිට කරපු එකෙක්ගේ
ජිවිතයක් නෙති වෙනන්ව කියල
පින්සිද්ද වෙඉ දැන් වත් ඔය වැඩේ නවත්තපල්ලා..
නවත්තල උබලගේ ජිවිත වගේම ..
වටේ පිටේ ඉන්න අපේ ජිවිතත් කෙටි නොකර ඉදපල්ලා..



අද දුම් වැටිය කියන එක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා...බොහෝ තරුණ පිරි මේකට ඇබ්බැහි වෙලා..ඒත් එකෙන් වෙන විනාසය කියල නිම කරන්න බෑ ..ඒ නිසා මගේ හිහට නැගුනු සිතුවිල්ලක් මෙහෙම වචනයට පෙරලුනා..මන් හිතන්නේ ගොඩක් අය දුම් බීම පිළිකුල් කරනවා..ඔයාලත් දුම් බීම පිළිකුල් කරනවානම් ඔබ වටේ ඉන්න අයව ඒ විනසෙන් බේර ගන්න.ඒ අපි හැමෝගෙම සතුටට හේතු වේවි  ......

Tuesday, October 18, 2011

පාවී යන්න වලාකුලක් සේ













අපි ජීවිතේ අතරමං වෙලා ඉන්නකොට
අපි වැඩියෙන්ම ආශා කරන්නේ
නිල් අහස දිහා බලාගෙන හීන මවන්න
ඒ වලාකුළු වගේ ඇතට පාවෙන්න,
අපි එහෙම හුගක් අශාවෙන් බල ඉන්නකොට
අහසේ පා වෙලා ඈතට යන
පුළුන් වගේ සුදු වලාකුළු පොකුරු වලින්
එක වළාකුලක්වත් අපි ළග නතර වෙන නෑ
එත් අපිට දුක හිතෙන්නෙත් නෑ,
ඒත් ඒ වළාකුලු අතරින්
එකම එක සුදු වළාකුලක් හරි
අපිට ඉහලින් නිල් අහසේ නතර වෙලා
අපිට හෙවන උනොත්,
ඔහේ ගලා ගිය ජීවිතයකට පාර කියලා දුන්නොත්,
අපි පුදුමාකාර ආදරේකින්
ඒ වළාකුල එක්ක බැදෙනවා
අපේ හැම සිතුවිල්ලක්ම,හැගීමක්ම
ඒ වළාකුලත් එක්ක
සදාතනික බැදීමකින් බැදෙනවා...........
එත් අපිව අව්වෙන් ආරක්ෂා කරලා
සිසිලස ලබාදීල .....
අතරමං වෙච්ච ජීවිතයට පාර කියලා දුන්න,
ඒ වලා පොකුර එක පාරටම,නිමේෂයකින්
කලුම කලු වැහි වළාකුලක් වෙලා
අපිව කදුලින් තෙතබරිත්  කරනකොට
අපිට ඇතිවෙන්නේඉවසගන්න බැරි තරම් දුකක්
එහෙම වෙන්නේ අපේ හැගීම වල
උපරිම  අවස්ථාවන්
අපි ආදරේ කරන දෙය,කෙනා වෙනුවෙන්
කැප කරන්න වෙන නිසා වෙන්න ඇති,
එත් අපි කවදාවත්
ඒ සුදු වළාකුලත් එක්ක තරහා වෙන නෑ
ඒ අපි මුලු නිල් අහසටම වඩා
ඒ සුදු වළාකුලට ආදරේ කරපු නිසා......................

Sunday, October 16, 2011

මතකයේ අසිරි සිරි















දිනක් එකම එක හීනෙක,
සදා තරු මට කතා කරනවා වගේ ඇහුනා,
තවත් එකම එක හීනෙක,
පෙන පිරුණු රැලි
වෙරල සිපගන්නවා වගේ දුටුවා
එක දවසක් තව හීනෙක,
ඒ අහස පොලොව එකතු උනා.
තවත් මගෙ පොඩි හීනෙක,
ඔබත් මගෙ වී ඇතට ගියා
සියලුමේ තතු දැන් හීනයක් වෙලා
සුසුමකින් පිනි හදුනා
කදුලකින් රස දැනුනා
සඳ ලග සිටි දවස
ඔබේ රුව ගුණ වරුණ
මා සිතෙහි ලෙලදෙවන
ඔබේ ඒ මතකයේ අසිරි සිරි
කවියක්ම උනා මෙලෙසට මෙමටා.......

Friday, October 14, 2011

තනිකම නිවන කවි කම සිත් වෙලා මට ...

දේශකයෙකි ඔබ
හරබර සිතුවිලි මගේ මනසට ඇතුල කල…
යන්න එපා ඔය මග...යන්න නුබ මේ මග
කියා මග පෙන්නුව
ඇදුරුතුමිය ඔබ
ජීවිත පොත තුල නොකියවූ දේ පහදා දුන්න…
මිතුරන් සතුරන් වෙන්කළ දෙන
චින්තකයෙකි ඔබ
විස්මිත නිමැවුම් මවනා හැටි පෙන්නා දුන්න…
නොමවන සිත්තම මවා දුන්න.
පුදුම දෙයකි වුන,කෙදිනකවත් නොසිතු ....
කිම්ද කාරණා
නොසිතු මොහොතක මා අතහැර යන්න…
එකම දෙයය්  ඉතිරි කලේ නුබ මෙමට
තනිකම නිවන කවි කම සිත් වෙලා මට ...

Tuesday, October 11, 2011

සිත්මල් යාය පුරාවට

සිත්මල් යාය පුරාවට
රටා තියලා සිත්තම් කල සිතුවමක් වගේ
ඔය ඇස් මගේමයි කියලා හිතපු
ඒ සිත්තමම අද ගිනි ‍ගොඩක්
සිනාසෙන නුඹෙ හසරැල් මුවට
කථා කරන ඔය නෙතුකැට  වලට
මං පුරා අහසක් තරමි ආදරේ කලාට ද
විදින්නේ මේ දඩුවම් ..
කෙදිනක් හෝ දිනක ඹයාගේ ඔය හිතට
ආදරයේ වේදනාව
ඔබේ දෙකොපුල් තමු දිනයක
මතක් වේවි ඔයාටම
ඔයාගේ හුළග
හුස්මක් තරම් ළගින් ඔයා ළග හිටපු 
හැටි
එදාට ඔයා වළාකුලක් වෙලා
ඈතට පා වෙලා යාවි ඒ හුලගෙම
ඒත් හුළගට එදාට ඔයාව
ඔයාටම
රැක ගන්න බැරි වෙවි
මොකද ඔයා හුලගින්

ගොඩක් දුරස් වෙලා නිසා