Sunday, September 11, 2011

ඇවිත් ඒ සිතුවිලි හෙමිහින්....... ඔහේ පාවී යනවා හොරැහින්.....

ලියන්නට බොහෝ සිතුවිලි   ආවත්
ලියන්නට වෙලා නෑ මට වැඩ  දැන්
ඇවිත් ඒ සිතුවිලි             හෙමිහින්
ඔහේ පාවී යනවා          හොරැහින්

ලියන්නට වෙලා ලැබුණා               කලකින්
කියන්නම ඉතින් මා කල කී                 තැන්
විටෙක සොදුරුයි  විටෙක කටුකයි ඒ  තැන්
තුටින් සිටිනෙමි එයයි මගේ රැකියාව   දැන්

යන්න ගියේ හැමදා මා          කෝච්චියේ
යන්න උනේ ටික දවසයි      කෝච්චියේ
අලුත්ගමින් පහලට දැන් ට්‍රින්        නැතේ
දැන් පැක් වෙමු සැමන් වගේ බස් රථයේ

සමහරු කියයි  උන් දැන් හරි උඩයි කියා
මොනවා උනත් දැන් අපිනන් උඩයි මෙයා
කන්දක් නැගල  හති හලනා අනේ ඔයා
කාදුත් නැගල කනුවත් අපි නගිනවයා

ඔහොම ටෝක්ස් දීල අපිත් යනවා අනේ
උඩට ගියමයි  දැනෙන්නේ රගේ   අනේ
පහල බැලුවම දෙයියන් බුදුන්      දැනේ
එනමුදු මනරම් දසුන්ද          දකිනවනේ 

සිග්නල් නැතයි සමහරු අඩ අඩ    හිටියා
ඔන්න බබෝ Hutch 3G         ලග එනවා
ගත්ත අයට මල් Hutch sim     බුදුවෙනවා
මුණ බලාගෙන උන් හෙට  ගොඩ යනවා

සමහරු කියයි උබ දැන් නං ගොඩයි    කියා
කෙල්ලෙක් හොයා දාගන්නයි හොදට හිතා
හපෝ මචෝ කෙල්ලෙක් දැන්  මෙමට එපා
ඉගෙන ගන්න තව කාලය මට             ඕනා

තාම ගත්තේ නෑ  මාගේ මුල්             පඩිය
හැමෝම අසයි පාටියකට සෙට්    වෙන්න
දුන්නොත් හැමෝටම පාටිය ජොලි ගන්න
ලක්ෂ දෙක තුනක් යයි මට  ගොඩ යන්න

ඉගෙන ගන්න ඇත මේ ගැන තවත් බොහෝ
යමි පෙරටම ගන්න තුරු සියලු               තතු
පුහුණුව වැටි හැමදේටම වඩා                මතු
ගොඩ යන එක යනවමයි මෙයන්          මතු

ඉස්සර කරපු ගොන් කම් මග හැර යන්න
යනවා මේ පාරේ දිගටම ගොඩ     යන්න
කිසිවෙකුට වත් බෑ මගේ මග   අහුරන්න
මිතුරේ උබත් ඉදපන් මා           සමගින්ම

දැන් නම් මචෝ ඇති මේ කවි මම    ලිව්වා
හොදනම් දාපල්ලා comments මම හින්දා
උබලගේ අදහසුත් මගේ හිතා සවි   බන්දා 
එහෙනං යාලුවේ දැන් නම් මම     කැපුනා

7 comments:

  1. අනිවා මල්ලි, අපිත් දෙනවා සප් එක උඹට ගොඩ යන්න

    ReplyDelete
  2. අදහස ලස්සනයි. ඔයා මේ කවි ටික ආයිත් කියවල බලන්න . සමහර තැන් ටිකක් රිද්මය කැඩිලා වගේ නේද . නිකන්ම එල යයි කියා යාමට වැඩිය අඩුපාඩුවක් පෙන්නුවට කමක් නැතැයි සිතෙනවා . තරහ වෙන්න එපා හොඳද

    ReplyDelete
  3. @ශෂ් :තැන්කු නංගියා .........
    @අසංක අය්යා....අනිවා මම දන්නවා එක.... තැන්කු
    @බින්දී:..ගොඩක් ස්තුතිය්..... මගේ හොද කියනවා වගේම වැරදිත් කියන එක මම ගොඩක් අගේ කරනවා...වරදක් උනාම තමය් අයෙත් ඒ වරද නොකර ඉන්න පුළුවන් වෙන්නේ..ඔයාලගේ ඒ දේවල් සතුටින් මම බාරගන්නවා ..ලබන පාර ඒ වැරදි හදා ගන්න try කරන්නන්...

    ReplyDelete
  4. another nic one dr........We're with u allways.....

    ReplyDelete