Tuesday, September 6, 2011

අම්මේ... හැමදාමත් මගේ ශක්තිය ඔයා .....

මේ කලේ ගැන මට පුංචි මතකයක්වත් නෑ
එත් ඔයාට අකුරක් නැර හැම දේම මතක ඇති
ඒ ඔය දස මාසයක් මාව කුසේ තියාගෙන
මාව මේ ලෝකෙට බිහි කරපු මගේම අම්ම නිසා...
 
කිසිම මතකයක් නැති උනත්
ඒ කාලේ මෙහෙම වෙන්න ඇති කියල මට හිතෙනවා
ඒ  කලේ මම හුගක් අඩන්න  ඇති
එතකොට ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති
ඒ දුකට ඔය රතු ලේ සුදු පාට කිරි වලට හැරෙන්න ඇති
ඒ කිරි ආදරයත් එකතු කරලා මට පොවන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මම තියන හැම අඩියකටම
ශක්තිය ලැබෙන්නේ ඒ කිරිවලින්
අදටත් හෙටටත් හැමදාටමත් ඒ මගේ ශක්තිය

තවත් වෙලාවක මම අඩනකොට

මම අඩන්නේ නිදිමත වෙලා කියල ඔයාට හිතෙන්න ඇති
ඔයා  මාව කකුල්දෙකේ දාල නලවන්න ඇති
ඒ නැළවිලි ගීත අහගෙන මට නින්නද යන්න ඇති
අදත් මම නින්දට යන හැම මොහොතේම
ඒ නෙලවිලි ගීත හීනෙන් වගේ මට ඇහෙනවා

තවත් වෙලාවක මම අඩනකොට

මම අඩන්නේ සීතලට කියල ඔයාට හිතෙන්න ඇති
ඔයා මව උණුසුමට තුරුල්කරගෙන නිදා ගන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මහා වැස්ස වෙලාවක සීතලක් දැනෙන හැම වෙලාවකම
මට ඔය ලගට දුවගෙන එන්න හිතෙනවා
පුංචි දවස් වල වගේ ඔයාට තුරුල් වෙන්න හිතෙනවා

මම හිනාවෙනකොට මම  දග කරනකොට

ඔයත් හිනා වෙන්න ඇති
මම අමාරුවෙන් අම්මේ... අම්මේ.....
කියල කියනකොට ඔය ඇස්වලට කදුළු එන්න ඇති
දුකට නෙවෙය්  සතුටට

මම දන ගා නැගිටින්න හදනකොට

ඔයා මට සුලගිල්ල දෙන්න ඇති
මම ඔයාගේ සුලගිල්ල අල්ලාගෙන
නැගිටින්න ඇති
ඔයා හිනා වෙන්න ඇති
සතුට වැඩි කමට තාත්තට කතා කරන්න ඇති

ඔය දන්නවද අම්මේ

ඔයාගේ සුලගිල්ල තමය  මට ඉස්සෙල්ලම
පොලවේ පය ගහල නැගිටින්න උදවු කරේ

ඉතින් හැමදාමත් මගේ ශක්තිය ඔයා

ඔය තමය් මේ ලෝකේ ඉන්න හොදම අම්මා





මටත්  මේක මගේ යාලුවෙක් ඉ-මේල් පණිවිඩයකින්  එවපු එකක් ..මේක කියවපු පලවෙනි වතාවේ මගේ ඇහැට කදුළු අවා ..ඒ තරන්ම මේක සංවේදී ..ඇත්තමය් අම්මා කෙනෙක්ගේ ආදරේ කොච්චරනං විසාලද...ඒනිසාම මේක දාන්න හිතුව...මේක ලිවුවේ කවුද කියල නං දන්නේ නෑ ..එත් මේක ලියපු කෙනාට මේක දකින හැමෝම පින් දෙවි..මොකද මේක ඒ තරමටම වටිනා නිසා..
 

5 comments: