Monday, December 26, 2011

කීමේද නුබ හට එකවරම මා නොදනුනේ?

සීතල නත්තලේ සිසිල් සුලන්  රැල්
මොනවදෝ මට කෑගසා කියන්නේ...
දොන්කාරයයි ඇසෙන්නේ....
"මට ඔයාව දැනෙන්නේ නෑ"....
"මට ඔයාව දැනෙන්නේ නෑ"....කියා,
අනේ ....
ඒ වදන් මා අසා..
වසරක් ගියත් හරියට අදට  .
තවම බෑ නොව ඇස පියන්නට
ඔබේ රුවමයි  මැවෙන්නේ....
කිසිත් අඩුකළ නොවූ මුත් මම
කීමේද නුබ හට
එකවරම මා නොදනුනේ..
තවත් ප්‍රෙහෙළිකා මවයි මගේ හිත
කම් නෑ ඉතින්....
නුබ තුටින් නම්
ඉදින් හෙට දින
සිනාසි නුබ
එයයි මේ එක පැතුම අද දින..

Sunday, December 25, 2011

අම්බලන්ගොඩින් බිහි වූ සුරත් කස කරුවා.... දිනේෂ් චන්දිමාල්

මේ  අදහස මට ලැබුනේ හරි අහම්බෙන්,Nalin Kariyawasam මගේ ඉස්කෝලේ හොද ෆිට් එකක්..එය මට චැට් එකේදී කිව්වා යෝශිතා(http://www.facebook.com/yoshrox)  කියල කෙනෙක්උබට request කරවී කියල..මම ඇහුව ඇයි  කියල,ඊට පස්සේ තමයි කිව්වේ "මචෝ දිනේෂ් ගැන ලිපියක් ඕන වෙලා තියනවා දන්නා දේවල් ටිකක්  මුල ඉදන් හොයල ලියන්න" කියල.එට පස්සේ යෝශිතාගේ අදහසට  අනුව මම මේ ලිපිය මේ විදිය ලිව්වා, එට පස්සේ මේ ලිපිය මම යෝශිතාට mail කරා...ටික වෙලාවකින් මම දැක්ක Cricket Turf, Sri lanka Fans,We love sri lanka cricket කියන pages වල මේ ලිපිය තියනවා,මට ගොඩක් සතුටුයි . මට මේ ලිපිය ලියන්න දිනේෂ්ගේ බොක්කේ ෆිට් උන මල්ෂාන්  හා නිලුපුල් උදවු උනා.ඒ අයටත් මගේ ස්තුතිය පල කරන වෙලාවක් කරගනවා,ඒ වගේම යෝශිතාටත්.කෙසේ වෙත්ත පාසල් සමයේ සමකාලීනයෙක් ටෙස්ට් වරම ලබද්දී කාට ආඩම්බර නැත්තේ,එහෙනං දිනේෂ් ,මෙන්න උබට මගෙන් තෑග්ගක් 


දිනේෂ් චන්දිමාල් ලොකුගේ .....හ්ම් ....නම ඇසු පමණින් හඳුනන අපේ කාලයේ ක්‍රිකට් ජවය ඔහුයි. දකුණු සිරිලක අම්බලන්ගොඩ පුරවරයේ 1989 නොවැම්බර් මස 18 වන දින උපත ලැබූ ඔහු අත කුඩා කල සිටම පිත්ත සහ පන්දුව වැරදුනේ නැත.
කෙමෙන් කෙමෙන් උස මහත් වූ කුඩා දිනේෂ් 1995 පෙබරවාරි දෙවන දින විශිෂ්ටයන් රැසක් ලොවට දායාද කළ අම්බලන්ගොඩ ධර්මාශෝක පාසල් මාතාවට පය තැබුවේ බොහෝ දස්කම් රැසක් තමා සතු කරගෙනයි. යන්තමින් වයස අවුරුදු 10 වන විට ක්‍රීඩා පිටියට ගොඩඋන දිනේෂ්, අසෝක මහතා හා විරාජ් චමින්ද යන ක්‍රීඩා ගුරුවරුන්ගෙන් ක්‍රිකට් පොතේ මුලකුරු කියවීම ඇරඹුවේය. මින් වැඩි කල් යන්නට මත්තෙන් විද්‍යාලීය 13 න් පහළ කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය. වයස අවුරුදු 15 දී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස වැඩ බාරගන්නා දිනේෂ්, පිත්තෙන් මෙන්ම කඩුල්ල පිටු පස සිටද අති විශාල කාර්යභාරයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළේය, යන්තම් අවුරුදු 15 පසු කරන දිනේෂ්, උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් පාසල් පළමු පෙළ කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවට තමන්ගේ නම ඇතුළත් කරගන්නට තරම් දස්කම් පෙන්වා තිබිණි.

2004 දෙසැම්බර් 26 මුළු ලොවම කම්පා කරමින් දකුණු ආසියාවට කඩා වැදුණු සුනාමි දළ රළ, බොහෝ දෙනෙකුට මෙන්ම දිනේෂ් චන්දිමාල්ටත් ඉතිරි කරේ තම ජීවිතය පමණි. තමා සතු සියලුම දේ මහා සයුර ඇදගෙන ගියද ඔහු සතු දක්ෂතාව කුමන බාධක කම්කටොළු පැමිණියත් කා හටවත් නැති කෙරීමට හැකි නොවීය. තරංගගෙන් පසු පාසල් කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම බාර ගත දිනේෂ්, 2005 වසරේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දෙවන පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගී වීමේ වරම් හිමිකරගතේය. වසර 8 කට පසු 2006 වසරේදී ධර්මාශෝක දේවානන්ද මහා ක්‍රිකට් තරගය ජයග්‍රහණය සදහා අරම්භක පිතිකරු ලෙස ඔහු දියත් කළ වේගවත් හැඩකාර ඉණිම මුළු අම්බලන්ගොඩම ජනතාවටම දිනේෂ් චන්දිමාල්ගේ සුබ අනාගතය ගැන ඉඟි පළකරන්නට හේතු විය.

සාමාන්‍ය පෙළ විභහයෙන් පසුව 2006 ජුනි මාසයේ පාසලේ වාණිජ අංශයට ඇතුල් වූ දිනේෂ්, 2006 නොවැම්බර් මස කොළඹ ආනන්දයෙන් ලැබුණු ආරාධනාවක් මත තම ක්‍රීඩා දිවියේ දියුණුව පතා කොළඹ බලා පිටත් විය.

ඉන් පසු ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස තේරී පත් උන දිනේෂ්, 2007 වසරේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමටද තේරී පත්විය. ඉන් පසු ශ්‍රීලංකා 19 න් පහළ කණ්ඩායමේ උප නායකත්වය දරමින් 2008 පෙබරවාරියේ මලයාසියාවේ පැවති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට වරම තමා සතු කරගතේය. 2009 වසරේ කොළබ ආනන්දයේ නායකත්වය දැරූ ඔහු එම තරග වාරය තුළ ලකුණු 1500 ඉක්මවා යමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. නමුත් සුවිශේෂී සිදුවීම නම්, ඔහු ප්‍රථමව ක්‍රීඩා කළ අම්බලන්ගොඩ ධර්මාශෝක කණ්ඩායමට එරෙහි තරගයේ දිනේෂ් ලකුණු නොලබා දැවියමයි. කෙසේ වෙතත් එම තරඟවාරයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්ම්නයද සමග තවත් සම්මාන රැසකට හිමිකම් කීමට වාසනාව ඔහු සතු විය.

තම පාසල් ක්‍රීඩා දිවිය ස්වර්ණමය ලෙස අවසන් කරන දිනේෂ්, 2009 දී එවකට ජාතික කණ්ඩායමේ නායකත්වය දරු කුමාර සංගක්කාරගේ ඇරයුමෙන් එන් සි සි කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමේ වරම දිනා ගත්තේය. මින් පසු සංගක්කාර, තිලාන් සමරවීර, උපුල් තරංග වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවවාද අනුශාෂනා යටතේ කණ්ඩායමේ ප්‍රබලයෙක් බවට පත් විය. එතෙකින් නොනැවතුණු 20 හැවිරිදි දිනේෂ් 2010 වනවිට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම, සභාපතිගේ කණ්ඩායම, රුහුණු කණ්ඩායම, මෙන්ම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේද සුවිශේෂී දස්කම් දැක්විය. 20- 20 පළමු පෙළ තරගාවලියේ විශිෂ්ටතම පිතිකරු සම්මානයට පාත්‍ර වෙමින් 2010 දී 20-20 ලෝක කුසලානයට සහභාගි වෙමින් පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගය නවසීලන්තයට එරෙහිව 2010 අප්‍රේල් 30 වන දින ඔහු මුහුණ දුනි. මින් පසු 2010 ජුනි මස පළමු වෙනිදා එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගත් මේ සුපිරි ක්‍රීඩකයා, තම පළමු සංචරයේම ඉන්දියාවට එරෙහිව අගනා ශතකයක් රැස් කරමින් මුළු ක්‍රීඩා පිටියම වර්ණවත් කළේය.

ඉන්පසු කණ්ඩායමෙන් පිටතටත්, ඇතුළටත් විටින් විට පැමිණි දිනේෂ්, තම පළමු පෙළ තරග වල ලකුණු රැස්කරමින් හොද ස්ථාවරයක් ගොඩනගා ගත්තේය. 2011 ලෝක කුසලානයෙන් පසුව ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත් වූ මොහු, ලොවම කතා කරන සුපිරි ඉනිමක් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝඩ්ස් පිටියේදී ක්‍රීඩා කරමින්, අති විශිෂ්ට ශතකයක් රැස් කර බලා සිටි සැවොම අමන්දානන්දයට පත් කළ දිනේෂ්, ලොවටම කියා සිටියේ ඕනෑම පන්දුවකට ඕනෑම පහරක් තමා සතු බවයි.

කෙසේ වෙතත් පසුගිය දෙවසර තුළ, පළමු පෙළ තරග වාර දෙකේදීම තේරීම් කමිටුවට හොද හැටි කනේ පහරවල් ගසමින් මෙන් දිගට හරහට ලකුණු රැස් කළ දිනේෂ් චන්දිමාල්, තමන් ටෙස්ට් කණ්ඩායමටත් සුදුසු බව නොකඩවා ඔප්පු කරන ලදී

තමාගේ සියලු දේ නැති වී හරියටම වසර 7ක් ගතවන විට අද ඔහු ඔහුට නැති වූ සියලු දේ නැවත ලබාගෙන ටෙස්ට් වරම ලබාගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ජීවයක් එක්කරමිනි. දැනට එක්දින ජාත්‍යන්තර තරග 17 කට සහභාගි වී ලකුනු 567ක්, 31.42 සාමාන්‍යයක් හිමිකර ගෙන ඇති දිනේෂ් චන්දිමාල් නමැති තරුණ ක්‍රීඩකයාට අද දින ඔහු පළඳින ටෙස්ට් තොප්පිය දරා තවත් ලකුණු දහස් ගානක් රට වෙනුවෙන් රැස් කර තවත් උඩ පන්දු දහස් ගානක් රැක ගැනීමට අපි සියලු ශ්‍රී ලාන්කික ජනතාව වෙනුවෙන් ඔබට වාසනාව ශක්තිය ලැබේවායි එක හිතින් සුබ පතමු.

Dinesh Chandimal's Century at lord's Video


Saturday, December 17, 2011

මමත් හරිම ආසයි...


නිශාන්තයේ පාවෙන
චුටි චුටි තරු කැට පොකුරු
මේ දැතට අල්ල ගන්න
මමත් හරිම
ආසයි....
හැන්දෑවේ සයුරු තෙරේ
චුටි චුටි මාළු පැටවූ
මගේ පුංචි දෝතට ගන්න
මමත් හරිම
ආසයි...
එත් .......
සංසාර සංචාරයෙන් එපිටට
නිර්වාන සංචාරයේ නිමාවට
මා පුංචි දෑත ගෙන
ඔසවන්නම් මේ පාත්තරය
මේ තුන් ලොව යහපතට

Sunday, December 11, 2011

පුංචි පුංචි කවි පිටු වල නම් බන්දා....




















කවිය අපේ ජිවිතම වෙලා ඇති
සොයුරු සොයුරියන් පිරිසක් වෙලා අපි
ලියනා මේ කවි සිතුවිලි නිසාවෙනි
තුටින් ගෙවන්නේ අපෙ ජීවිතය මෙහි

ඔහේ ගෙතෙන කවි පද වල්
ඔබට සිතෙන සේ විදින්න
ශයගගේ ප්‍රාන්තයේ
ඔබත් ඇවිත් සැරිසරන්න 


http://shayanga.blogspot.com/


ශෂ් නංගිගේ රතු වැඩටික
එක්ක ගෙතෙන කවි පද ටික
හැට්ට කාරිගේ විමනට 
උබ තාමත් අවේ නැද්ද?


http://redssolitarywolrd.blogspot.com/
 

කවිය ඔබ කියා සැම දෙන දුටුව ඔබ 
ආදරයේ මිහිරිම තැන ගැන කියන
දේශි අක්ක මේ කවියට පන පොවන 
උබත් ඇවිත් බලන්න එහෙ ඇති මිහිර
 

http://www.facebook.com/pages/%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%94%E0%B6%B6-Kaviya-Oba-/227822463956024
 

නිහඩව සිතුවිලි ගොන්නක් අරන් එන
ලොචි අක්කගේ කවි පද පේලි ටික

Silent Thoughts වල ඇති ඒසොදුරු බව
වටිනවා බලන්නට උබ එය දැක නැද්ද?
 

http://www.facebook.com/SilentThoughtz
 

සිත් අහසට ගොඩ වදිනා ප්‍රර්ථනා
අමුතු අමුතු සිතුවිලි එහි පද බදිනා
සොදුරු සොදුරු පැතුමන් වල ඉගි කරනා
මිතුරු මුතුරියන්ගේ සිත් තුටු බදිනා
 

http://prarthana-nimnaya.blogspot.com/
 

හංස විල් තෙරේ හෙමිහිට පිහිනන්න
මිහිරි සුවද එහි මල් වල විදගන්න
හමන සුළග වී ඇතට පාවෙන්න
හිම හංසිගේ විලතෙර වෙත් ඔබ එන්න
 

http://himahansi.blogspot.com/
 

නමින් උදාරයි අසංක අපේ අයියා
Audio Online ලියයි රස කරලා
ගයයි සින්දු හැම දෙසවන් එහි රන්දා
බලන් දැන්ම එහි ඇති වත ගොත හනිකා 
 

http://mageswaraya.blogspot.com/
 

උදේ ඉදන් රෑ වෙනකන් අපි රෙදෙනා
පුංචි පුංචි කවි පිටු වල නම් බන්දා
මෙන්න මෙහෙම ලිව්වා කවියක් ගොතලා

Comment එකක් දාපන් ඒ ගැන කියලා

Friday, December 9, 2011

ආදරයේ සියුම් හඩ...

















Plzzzz..........
මොකද්ද ඔයාගේ Longitude එක?
මොකද්ද ඔයාගේ Latitude එක?
ඔයා මොන Elevation එකක හිටයත්
මම Microwave සිග්නල් එකක් වගේ
ඔයාව සොයාගෙන එනවා....
හොයාගෙන ඇවිත් Signal එක
Demodulate කරලා
ඔරිජිනල් Signal එක
Regenerate කරල
ඔයාගේ කනට කරලා
Sound එක Pass කරනවා
එතකොට ඔයට
 I
Love Uකියල Out Put එක ඇහේවි,
හැබැයි Signal එක Capture කරලා
Noise රිමු කරලා
Errors Correct කරන්න කලින්
Signal Coverage එකෙන්
පිට ගිහින්
Signal නැති නිසා
වෙන Mobile Network එකකට
මාරු උනා කියන්න නං එපා ...

Thursday, December 8, 2011

ඔබ,මම හා අප

















සැබවින්ම...
එදිනෙදා සමාජය තුල
ප්‍රසිද්දියේ නිම වෙන 
මහා වේදිකාවක
දකුණු පසින් වම පසටත්,
වම පසින් දකුණු පසටත්,
ඔහේ දෝලනය වන
අද්දක්ෂකගේ,අද්දක්ෂණයට
යටව රගන
කළුත් නොවූ ,සුදුත් නොවූ
කළු සුදු නළුවන් 
නොවේද ඔබ,මම හා අප.....

Monday, December 5, 2011

යාලුවනේ.."MISSED CALL" එකක් වත් දානවද ?
















සතුට"INBOX"එකේ තියාගෙන
දුක "OUT BOX" එකට දාල
සිනහව "SEND" කරලා
තරහ "DELETE" කරලා 
හදවත "VIBRATE" කරලා තිය ගන්න,
එතකොට ඔයාලගේ ජිවිතේ
ලස්සනම "RINGING TONE" එකක් වේවි
ඔයාල"SILENT" උනාම
මගේ life එකේ "SIGNAL"නැතුව යනවා
ඒ නිසා heart එකේ "BATTERY LOW"වෙලා
"SHUTDOWN" වෙන්න කලින්
"MISSED CALL" එකක් වත් දාන්න
..

Friday, December 2, 2011

සයුරු කුමරියේ

හිතේ මහා බලාපොරොත්තු ගොන්නම
සිදී බිදී පාවෙලා යනකොට
මම හැමදාම වගේ හොයාගෙන අවේ
ඔය විතරමයි .....
මගේ හිතේ තිබුණු හැම ගින්දරක්ම
රහසින මගේ කදුළු පිහදලා
ඔයාට කිව්වා.....
ඔයා දිහා බලාගෙන
පැය ගණන් කාලය ගත කරා...
අන්තිමේදී මගේ හිතට
පුංචි හරි සැනසුමක් ගෙනාවේ ඔයා,
ඒ ඔය හොද කෙනෙක් නිස
යි ...
එත් අද ......
ඔය හරි දරුණු වෙලා...
මහා ගොශාවක් වෙලා...
දැන් සතියක් වෙනවා
ඔයා හංග ගත්ත මිනිස් ගිවිත ගැන
තාම ආරංචිය නෑ
අනේ....
සයුරු කුමරියේ
ඉස්සර වගේ අහිංසකව ඉන්න
එතකොට තම
යි
ඔයාගේ ලස්සන අපිට පෙන්නේ
අයෙ නම් දරුණු වෙන්න එපා
ඔයා දිහා කවුරුත් බලන එකක් නෑ