Wednesday, August 31, 2011

අනේ බන්ටියෝ........යලිත් එනු මැන අපේ ලෝකෙට


අනේ බන්ටියෝ........
කොහේ සැගවී ගියාදෝ උබ
උබේ මතකය දමා අප ලග
තවත් මතකයි සොදුරු කාලය
යලිත් එනු මැන අපේ ලෝකෙට,
එකට සෙල්ලම් පිටියේ හමුවී
එකට ඒ පා පැදියේ එල්ලී
ගිය හැමතැන එකට එක්කවී
සදා මතකය නොයයි සැගවී
ගියත් උබ අප දමා දෙවසර
තවම දොකොපුල කදුළු බිදු ඇත
බැදුණු මතකය උබේ සිනා ලග
කෙලෙස අමතක කරන්නද අප,

Sunday, August 28, 2011

පුරගන.......ලොවම දුටුවත් ඇගේ නිරුවත,කිසිත් නොදකියි අගේ හිත දුක,

       
ලොවම දුටුවත් ඇගේ නිරුවත
කිසිත් නොදකියි අගේ හිත දුක,
පාපකර ඒ වනචාරිකම
වැටෙයි ය පිට ලොව ඉදිරිපිට,
කොතෙක වැසුවද පවුල් දෙක තුන
ඇසුර ලොල් වූ ගැහැණු ලොව තුල,
අගේ අසරණ කමට ය අද
පුරගනක් වී රගයි රැය තුල,
අනේ මිනිසුනි බලන් මේ දෙස
ගැහැනියකුගේ අසරණවූ හිත
එපා අගේ වත මිලට ගන්නට
යි සතු අමිල වස්තුව,
තල්ලු කරනට එතනටම
එපා අගේ වත කෙලසවන්නට,
එපා  නුබේ පව
දෙන්නට
මෙයි මිනිසත්කමේ
පාපය.
 

Sunday, August 21, 2011

AUS vs SRL 4th ODI ඉනිම සාරාංශය....

 ඉනිම සාරාංශය
Dilshan : මැද කෙටුවොත් මට බැරිය.
Thanranga : මම හෙඩ්න් වෙමි (සිහිනයක් පමණි)
Sanga: අද වැරදුනි. කරන්නට දෙයක් නැත.
Mahela: තනියම 250ක් ගහන්නට බැරිය. අනිත් උනුත් ටික ටිකවත් තැලිය යුතුය.
Chamara :ක්‍රිකට් නම් බෑ දෙයියෝ.. බට්ටා පනිමුද?
Mattews: ලගකදී සිට පිස්සු පෙති පානය කරන ආකාරයක් පෙනී යයි. වහාම බෙහෙත් ලබා දිය යුතු.
Kulasekara :බල්ලාගේ වැඩේ බූරුවාට බාරදීම ගොන් පාට් එකකි.
Anith aya: උන් ඉන්නේ බෝල දාන්නටය. ගහන එකත් උන්ටම කියා කරගත නොහැක.මෙල්බෝන් හැමදාම නැති බව අපේ ලොකු පුටු දැනගත යුතුය.
අනේ ඉතින් මේවට මොනවා කියන්නද...  :P :P
post by "V I W".....
 
 

Saturday, August 20, 2011

ඇවිද යන්නනම් අනන්තය සොයා..මේ වසන්තය පුරා.....

කොයිතරම් කාලයක්
සිටියාද එය එනතුරා

මග බලා.....
දැන්,
ඇවිත් ඒ හෝරාව..
නොදැනිම වාගේ,
ග්‍රීශ්මය නිමවෙලා.... 
සීත කල නිම වෙලා,
හිරු රැසින් වියලිලා..
සීතලෙන් ගුලිවෙලා ..
සිටිය කාලය දැන්,
මිය ගිහින් වාගේ.....  
හැලි ගිය පත්‍රිකා
පරව ගිය පුෂ්පිකා
ඩිංග ඩිංග
පිබිදිලා ....
චුට්ට චුට්ට සුවද විහිදෙනවා,
දැනෙනවා වගේ,
වසන්තයක සේයාව
හැගේයි රහසින් වගේ,
මෙමට දැන් රිසිය අද,
විදවන්නට නොව,
විදින්නට වසන්තය......
ඇවිද යන්නනම් අනන්තය සොයා
මේ  වසන්තය පුරා
එසේනම් .......
වසන්තයි මේ එළබෙන්නේ
 

Tuesday, August 16, 2011

සද තරු මල් හැමටම හොරෙන්, මගේ හිතට ආදරයක් ඇවිල්ලද?


මගේ කවි පද හිරවෙලා...
පද පේලි ලියනවා ලියනවා..
එත්,
ලිය වෙන්නෙම නෑ වගේ..
අනේ මන්දා...මොකද මේ කියල..
සද තරු මල් හැමටම හොරෙන්
මගේ හිතට ආදරයක් ඇවිල්ලද?
ටිකක් විතර කිති කැවෙනවා.. මගේ හදවත.
ඩිංග
ඩිංග සිහි වෙනවා ඔබේ හිනාව....
ඔබේ නෙතු අතවනනවද මට ?
අනේ මන්දා..
එත්..... මට සමාවෙන්න....
මගේ හදවත් කැඩී විසිරිලා ඉවර
යි...
ඇත්තම
යි.....
හදාගන්න ඒ හදවත
ටිකක් විතර කල්යාවි,
ඇත්තම
යි බයය් මට
අයෙමත් විසිරෙයිද මගේ ඒ හදවත ...,
තරහක් නෑ ..මම ප්‍රමාදනම්,
යන්න ඔබ,සුභ පතන්නම් මම,
සොයා ගන්නට
ඔබට රිසි ඒ ඔබේ හදවත.....

Saturday, August 13, 2011

චුට්ටක් තට්ටු කරලා බලන්න... ඔය හිතට....

ටක් ටක් ටක්...
චුට්ටක් තට්ටු කරලා බලන්න...
ඔය හිතට..
බලන්න හොදට
තියනවද ඒ වටිනා වස්තුව
ඔබේ හිත ලග,
එහෙමත් නැත්තන් ....
කුහක කමද?,වෛරයද?,
ඒ විතරක්ද ....
රුසියාවටත් වඩා ලොකු ඉරිසියවද?,ලෝබකමද?...
තිබෙන්නේ ඔබේ හිත ලග,
කොහේදෝ ඇත්තේ මේ වස්තුව ...
ඇත්නම මේ වස්තු හැම දෙන ලග,
කොතරම් ලස්සන වේවිද මේ ලෝකය
නැවතත තට්ටු කර බලන්න ඔබේ හිතට
තිබෙනවද ඒ වස්තුව ඔබ ලග
නැතිනම් තවමත් එය ඔබ ලග
තවමත් ඔබ ප්‍රමාද නැත අද
දැන් වත් සොයාගන්න ඒ වටිනා 
මනුස්සකම ඔබේ හිතට.....

Wednesday, August 10, 2011

මිතුරේ........

හැකිනම් දෙන්නට සමාව 
නවතින් මොහොතක් ....
පුදන්නම් දයාබර සිනාවක්,
හැකිනම් දෙන්නට මිනිත්තුවක් 
පුදන්නම් සුන්දර වදන් පෙළක්....
ඔබ සරසන්නට,
හැකිනම් දෙන්නට මිතුදමක්
පුදන්නම් සුන්දර වූ මිතුදමක් ......
දිවිය පුරාවට,
හැකිනම් විදින්නට ජිවිතයක්
නොදෙන්නම් විදවන්නට නුබට....
දිවිය පුරාවට,
හැකිනම් රැදෙන්නට එකෙකුසේ
රැදෙන්නම් හැමදාමත්.....
සෙවනැල්ලක් සේ,
මිතුරේ .............
ඔබ හොද මිතුරෙක් නම්
රැදෙන්නම් නුබ අසල....
දුකටත් සැපටත් හැමදාමත්.


Monday, August 8, 2011

අහස තරම‍ට පොළව තරමට මා ඔබ‍ට පෙම් කලා

අහස තරම‍ට පොළව තරමට
මා ඔබ‍ට පෙම් කලා
නොහැකිය ....
ඉන්න‍ට තව කාලයක්,
ඔබේ අතැගිලි අල්ලලා
දෙන්න අවසර තව කලක්,
ම‍ට මේ ‍තෙත් වු නෙත් බලා..
ඔබ‍ට අවැසියි හැකිනම්
අතැර යන්න‍ට යලි නොඑන්නම
එහෙත් අද මා අසරණයි
ඔබ‍ට මා පෙම් කල නිසා
සත්තකින්ම
අහස තරම‍ට පොළව තරමට
ඔබට පෙම් කල අයෙකු මේ දියත
සිටින බව නම්
මතකයෙන් දුර රුගෙන ගොස්
එත් දැන් ඔබ ප්‍රමාදය ....

Saturday, August 6, 2011

පතොක් මල නුබ

ඉඩෝරයේ හමු වුවත්
වතුර බිදු නැති උනත්,
පතොක් පදුර
ක් සේ
රැකුණු ඒ පතොක් මල,
වතුර වහින්න
අහස කළු කරනකොටම......
පණ නළ රකින්නට රැකගත්
මගේ ජල බිදත් රැගෙන,
මා...... නැතිකර දමා....
යන්න ගියේ ඇය් .....
මා උබට....
ඉඩෝරයට පතොක් ගසක් උන නිසාද?
ජලය ගලාවි විගහට
සතුට දැනේවි ඔබටම
එත්...
මේ පතොක් ගසට කුමක් වේවිද,
සිතුවද ඔබ පතොක් මලේ..
එක මොහොතකට,
ඔබව විකසිත් කරන්නට
මගේ කුසගින්න, මගේ පිපාසය
කොතරම් හඩා වැලපෙන්නට ඇතිද?
නිමේශයකටවත් සිතුනාද ඔබට ...
හොදය්...දිනුම් ඔබ..
දැන්වත් යන්න
මේ නිරුදක කතරින් ඈතට,
මේ පතොක් ගසට නැවතත් 
තනිව දළුලා වැඩෙන්නට,
යන්න ඔබ යන්න.......

Thursday, August 4, 2011

ඒ නුබම විය ..written by CKW @ 2008.11.16

නිරුදක කතරට වට
පුංචි වැහි බිදුවකි නුබ ,
දිසාපාමොක් නුබම විය,
ගෝර්කිගේ"පෙලගේය"වූ
මා  දිවියේ පිය -"නෙත්කෝ" නුබ විය,
හසරැල්ලක් වූ,
ආශීර්වාදයක් වූ,
මේ පාවෙල්ගේ අනාවද  නුබමය් ......
ආදර ගිනිසිලුවෙහි
තවරා ස්නේහයේ මදු බිද,
මා නෙතු අග පිපෙන විට
කදුළු මලක්
ඔබ දෑසේ පුලින තලාවෙන් ,
රූරා වැටුන ගංගා දහසක්
කිරිද නොඑරුනු,
මා නොවැදු,
පියා නුබමය්  මා මවුන් බදු වූ......
කොය්බදෝ ඇත්තේ
උතුම් උල්පත
"
චුටි දුව"හට ආදරය
උතුරා දොර ගලා යන
හද ඉවූරෙන්......
ඉදින් "නුබ"
නුබම විය  
අදත්... හෙටත්
මතු හැම භවයෙදිමත්...
මා ආදර පියාණෙනි,
නුබ මගේ පමණක්ම වේවා  

written by CKW @ 2008.11.16..(just to remind)  :(   :'(

 මේක මම ලියපු  එකක් නෙවෙය් ... .. මීට අවුරුදු දෙක තුනකට කලින් මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් මට දීපු කවියක් තමය් මේ .ඉතින් හිතුව මේක බ්ලොග් එකේ දැම්මොත් හොදය් කියල......මම දැකපු ලස්සනටම කවි ලියන්න පුළුවන් කෙනෙක් එයා..ඒ නිසි මේක දන්නා හිතුවේ.ඇත්තටම මේ කවිය ගොඩක් හිතට වදිනවා නේද...මේ  ගැන ඔයාලගෙත් අදහස් දැනගන්න කැමතිය් ..ස්තුතිය්

Wednesday, August 3, 2011

remote කොන්ට්‍රෝලය

මගේ ජීවිත remote කොන්ට්‍රෝලය
කොහිද දෙවියනි දෙන්න එය මට
ඕනෑ කර ඇත නැවත rewind කර
බලන්නට ජීවිතේ ගෙවුනු රස තැන්..
නැතහොත් forward කර නැවතිය හැක
අඳුරු අවිනිශ්චිත අනාගතයට..
හැකිද chapter select කර මට
කැමති chapterය ගෙන Play කරන්න..
නැතිනම් හෙට උදා නොවන්නට
Pause බටනය ඔබා ඉන්නට..
කිසිත් ඕනෑ නොමැත මාහට
සොයා ගතිමි නම් Stop බටනය
ඔබා එකවර, Battery ගලවා
රිමෝටය විසිකරන්නෙමි ඉවතට..

Tuesday, August 2, 2011

මගෙන් ඔබට ......

පහුගිය දවස් වල මම ෆ්බ් එකේ පුංචි පුංචි කවි කැලි නොර්ට් විදියට දැම්මනේ...ඉතින් ඔය දවස් වල මට බ්ලොග් එකක් ලියපන් කියල සමහරු request කරා...එත් ඒ ගැන වැඩි උනන්දුවක් දැකුවේ නෑ මම .එත් මේ පහු ගිය දවසක් දාපූ නොර්ට් එකත් එක්ක මේ අය මට වැඩිපුර මේ ගැන request කරා .ඉතින් ඒ නිසාම අද හවස මගේ බොක්කේ ෆිට් එකක් උන චාමින්දි ලමාහේවා මට මරණ තර්ජනත් එල්ල කරා බ්ලොග් එකක් ලියන්න කියල..ඒ අස්සේ අසංක අය්යා මේ වැඩේ පටන් ගන්න කියල ගොඩාරියක් බල කරා...අනිතිමේදී මේ ලින්ක් එක පවා දුන්නේ එයා...කොහොමින් කොහොම හරි ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා...මේක පටන් ගන්න මට උදවු කරපු හැමෝටම thank you කියයනවා..ඔබේ රසවින්දනය මගේ පෑන වැඩ කරන තුරු පිංචි පුංචි පද වැල් ඔයාල වෙනුවෙන් මම මේ බ්ලොග් පිටුවේ දන්නං ....ඒ වගේ හොද නරක ඔයාල මට කියය් කියල හිතනවා  ..එහෙනං මට මේක පටන්ගන්න උදවු කරපු හැමෝටම අයෙත් පාරක් thankuuuu කියනවා ...අදට ගිහින් එන්නන්. ස්තුතිය්

යලිත් කිසි දිනක ඔබ මා අතාරින්නෙ නං නෑ රත්තරනේ.......

නුබ මගේ ලගින් හිටියේ
පුංචිම පුංචි කලයි...
ඒ පුංචි කාලයේ,මා හා  ගෙවපු හැම නිමේශයක්ම
මගේ සුන්දර මතක සටහන් කරේ නුබය්
සතුට,දුක,සිනහව,මේ හැමදෙයකම,
zoom කරලා ,focus කරලා
මගේ හිතින් සදා නොමැකෙන්න
ලස්සන සෙනෙහෙබර රුප රාමුවක් කරා,
එත් ඒ අදුරු හැන්දෑවේ
ඔබ මව හැර ගියා
ඔබ ගල් ගැසී නිලංකාර උනා
මට දැනුනු දුක්බර හැගීම්
අපමනි රත්තරනේ
එත්
කිසිදාක මා ඔබව අවිස්වාස කරේ නෑ..
කවද හෝ ඔබ මා හොයා එන බව දැන උන්නා
රත්තරනේ........
ඒ නිසාම,එදා වගේම අදත් අපි දෙන්න සතුටින්
යලිත් ඔබ මගේ අතේ දැවටී ඉන්නවා
යලිත් කිසි දිනක
ඔබ මා අතාරින්නෙ නං නෑ රත්තරනේ...
ඒ උබ මගේම CAM එක නිසා....