Monday, December 26, 2011

කීමේද නුබ හට එකවරම මා නොදනුනේ?

සීතල නත්තලේ සිසිල් සුලන්  රැල්
මොනවදෝ මට කෑගසා කියන්නේ...
දොන්කාරයයි ඇසෙන්නේ....
"මට ඔයාව දැනෙන්නේ නෑ"....
"මට ඔයාව දැනෙන්නේ නෑ"....කියා,
අනේ ....
ඒ වදන් මා අසා..
වසරක් ගියත් හරියට අදට  .
තවම බෑ නොව ඇස පියන්නට
ඔබේ රුවමයි  මැවෙන්නේ....
කිසිත් අඩුකළ නොවූ මුත් මම
කීමේද නුබ හට
එකවරම මා නොදනුනේ..
තවත් ප්‍රෙහෙළිකා මවයි මගේ හිත
කම් නෑ ඉතින්....
නුබ තුටින් නම්
ඉදින් හෙට දින
සිනාසි නුබ
එයයි මේ එක පැතුම අද දින..

Sunday, December 25, 2011

අම්බලන්ගොඩින් බිහි වූ සුරත් කස කරුවා.... දිනේෂ් චන්දිමාල්

මේ  අදහස මට ලැබුනේ හරි අහම්බෙන්,Nalin Kariyawasam මගේ ඉස්කෝලේ හොද ෆිට් එකක්..එය මට චැට් එකේදී කිව්වා යෝශිතා(http://www.facebook.com/yoshrox)  කියල කෙනෙක්උබට request කරවී කියල..මම ඇහුව ඇයි  කියල,ඊට පස්සේ තමයි කිව්වේ "මචෝ දිනේෂ් ගැන ලිපියක් ඕන වෙලා තියනවා දන්නා දේවල් ටිකක්  මුල ඉදන් හොයල ලියන්න" කියල.එට පස්සේ යෝශිතාගේ අදහසට  අනුව මම මේ ලිපිය මේ විදිය ලිව්වා, එට පස්සේ මේ ලිපිය මම යෝශිතාට mail කරා...ටික වෙලාවකින් මම දැක්ක Cricket Turf, Sri lanka Fans,We love sri lanka cricket කියන pages වල මේ ලිපිය තියනවා,මට ගොඩක් සතුටුයි . මට මේ ලිපිය ලියන්න දිනේෂ්ගේ බොක්කේ ෆිට් උන මල්ෂාන්  හා නිලුපුල් උදවු උනා.ඒ අයටත් මගේ ස්තුතිය පල කරන වෙලාවක් කරගනවා,ඒ වගේම යෝශිතාටත්.කෙසේ වෙත්ත පාසල් සමයේ සමකාලීනයෙක් ටෙස්ට් වරම ලබද්දී කාට ආඩම්බර නැත්තේ,එහෙනං දිනේෂ් ,මෙන්න උබට මගෙන් තෑග්ගක් 


දිනේෂ් චන්දිමාල් ලොකුගේ .....හ්ම් ....නම ඇසු පමණින් හඳුනන අපේ කාලයේ ක්‍රිකට් ජවය ඔහුයි. දකුණු සිරිලක අම්බලන්ගොඩ පුරවරයේ 1989 නොවැම්බර් මස 18 වන දින උපත ලැබූ ඔහු අත කුඩා කල සිටම පිත්ත සහ පන්දුව වැරදුනේ නැත.
කෙමෙන් කෙමෙන් උස මහත් වූ කුඩා දිනේෂ් 1995 පෙබරවාරි දෙවන දින විශිෂ්ටයන් රැසක් ලොවට දායාද කළ අම්බලන්ගොඩ ධර්මාශෝක පාසල් මාතාවට පය තැබුවේ බොහෝ දස්කම් රැසක් තමා සතු කරගෙනයි. යන්තමින් වයස අවුරුදු 10 වන විට ක්‍රීඩා පිටියට ගොඩඋන දිනේෂ්, අසෝක මහතා හා විරාජ් චමින්ද යන ක්‍රීඩා ගුරුවරුන්ගෙන් ක්‍රිකට් පොතේ මුලකුරු කියවීම ඇරඹුවේය. මින් වැඩි කල් යන්නට මත්තෙන් විද්‍යාලීය 13 න් පහළ කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය. වයස අවුරුදු 15 දී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස වැඩ බාරගන්නා දිනේෂ්, පිත්තෙන් මෙන්ම කඩුල්ල පිටු පස සිටද අති විශාල කාර්යභාරයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළේය, යන්තම් අවුරුදු 15 පසු කරන දිනේෂ්, උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් පාසල් පළමු පෙළ කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවට තමන්ගේ නම ඇතුළත් කරගන්නට තරම් දස්කම් පෙන්වා තිබිණි.

2004 දෙසැම්බර් 26 මුළු ලොවම කම්පා කරමින් දකුණු ආසියාවට කඩා වැදුණු සුනාමි දළ රළ, බොහෝ දෙනෙකුට මෙන්ම දිනේෂ් චන්දිමාල්ටත් ඉතිරි කරේ තම ජීවිතය පමණි. තමා සතු සියලුම දේ මහා සයුර ඇදගෙන ගියද ඔහු සතු දක්ෂතාව කුමන බාධක කම්කටොළු පැමිණියත් කා හටවත් නැති කෙරීමට හැකි නොවීය. තරංගගෙන් පසු පාසල් කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම බාර ගත දිනේෂ්, 2005 වසරේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දෙවන පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගී වීමේ වරම් හිමිකරගතේය. වසර 8 කට පසු 2006 වසරේදී ධර්මාශෝක දේවානන්ද මහා ක්‍රිකට් තරගය ජයග්‍රහණය සදහා අරම්භක පිතිකරු ලෙස ඔහු දියත් කළ වේගවත් හැඩකාර ඉණිම මුළු අම්බලන්ගොඩම ජනතාවටම දිනේෂ් චන්දිමාල්ගේ සුබ අනාගතය ගැන ඉඟි පළකරන්නට හේතු විය.

සාමාන්‍ය පෙළ විභහයෙන් පසුව 2006 ජුනි මාසයේ පාසලේ වාණිජ අංශයට ඇතුල් වූ දිනේෂ්, 2006 නොවැම්බර් මස කොළඹ ආනන්දයෙන් ලැබුණු ආරාධනාවක් මත තම ක්‍රීඩා දිවියේ දියුණුව පතා කොළඹ බලා පිටත් විය.

ඉන් පසු ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස තේරී පත් උන දිනේෂ්, 2007 වසරේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමටද තේරී පත්විය. ඉන් පසු ශ්‍රීලංකා 19 න් පහළ කණ්ඩායමේ උප නායකත්වය දරමින් 2008 පෙබරවාරියේ මලයාසියාවේ පැවති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට වරම තමා සතු කරගතේය. 2009 වසරේ කොළබ ආනන්දයේ නායකත්වය දැරූ ඔහු එම තරග වාරය තුළ ලකුණු 1500 ඉක්මවා යමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. නමුත් සුවිශේෂී සිදුවීම නම්, ඔහු ප්‍රථමව ක්‍රීඩා කළ අම්බලන්ගොඩ ධර්මාශෝක කණ්ඩායමට එරෙහි තරගයේ දිනේෂ් ලකුණු නොලබා දැවියමයි. කෙසේ වෙතත් එම තරඟවාරයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්ම්නයද සමග තවත් සම්මාන රැසකට හිමිකම් කීමට වාසනාව ඔහු සතු විය.

තම පාසල් ක්‍රීඩා දිවිය ස්වර්ණමය ලෙස අවසන් කරන දිනේෂ්, 2009 දී එවකට ජාතික කණ්ඩායමේ නායකත්වය දරු කුමාර සංගක්කාරගේ ඇරයුමෙන් එන් සි සි කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමේ වරම දිනා ගත්තේය. මින් පසු සංගක්කාර, තිලාන් සමරවීර, උපුල් තරංග වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවවාද අනුශාෂනා යටතේ කණ්ඩායමේ ප්‍රබලයෙක් බවට පත් විය. එතෙකින් නොනැවතුණු 20 හැවිරිදි දිනේෂ් 2010 වනවිට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම, සභාපතිගේ කණ්ඩායම, රුහුණු කණ්ඩායම, මෙන්ම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේද සුවිශේෂී දස්කම් දැක්විය. 20- 20 පළමු පෙළ තරගාවලියේ විශිෂ්ටතම පිතිකරු සම්මානයට පාත්‍ර වෙමින් 2010 දී 20-20 ලෝක කුසලානයට සහභාගි වෙමින් පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගය නවසීලන්තයට එරෙහිව 2010 අප්‍රේල් 30 වන දින ඔහු මුහුණ දුනි. මින් පසු 2010 ජුනි මස පළමු වෙනිදා එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගත් මේ සුපිරි ක්‍රීඩකයා, තම පළමු සංචරයේම ඉන්දියාවට එරෙහිව අගනා ශතකයක් රැස් කරමින් මුළු ක්‍රීඩා පිටියම වර්ණවත් කළේය.

ඉන්පසු කණ්ඩායමෙන් පිටතටත්, ඇතුළටත් විටින් විට පැමිණි දිනේෂ්, තම පළමු පෙළ තරග වල ලකුණු රැස්කරමින් හොද ස්ථාවරයක් ගොඩනගා ගත්තේය. 2011 ලෝක කුසලානයෙන් පසුව ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත් වූ මොහු, ලොවම කතා කරන සුපිරි ඉනිමක් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝඩ්ස් පිටියේදී ක්‍රීඩා කරමින්, අති විශිෂ්ට ශතකයක් රැස් කර බලා සිටි සැවොම අමන්දානන්දයට පත් කළ දිනේෂ්, ලොවටම කියා සිටියේ ඕනෑම පන්දුවකට ඕනෑම පහරක් තමා සතු බවයි.

කෙසේ වෙතත් පසුගිය දෙවසර තුළ, පළමු පෙළ තරග වාර දෙකේදීම තේරීම් කමිටුවට හොද හැටි කනේ පහරවල් ගසමින් මෙන් දිගට හරහට ලකුණු රැස් කළ දිනේෂ් චන්දිමාල්, තමන් ටෙස්ට් කණ්ඩායමටත් සුදුසු බව නොකඩවා ඔප්පු කරන ලදී

තමාගේ සියලු දේ නැති වී හරියටම වසර 7ක් ගතවන විට අද ඔහු ඔහුට නැති වූ සියලු දේ නැවත ලබාගෙන ටෙස්ට් වරම ලබාගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ජීවයක් එක්කරමිනි. දැනට එක්දින ජාත්‍යන්තර තරග 17 කට සහභාගි වී ලකුනු 567ක්, 31.42 සාමාන්‍යයක් හිමිකර ගෙන ඇති දිනේෂ් චන්දිමාල් නමැති තරුණ ක්‍රීඩකයාට අද දින ඔහු පළඳින ටෙස්ට් තොප්පිය දරා තවත් ලකුණු දහස් ගානක් රට වෙනුවෙන් රැස් කර තවත් උඩ පන්දු දහස් ගානක් රැක ගැනීමට අපි සියලු ශ්‍රී ලාන්කික ජනතාව වෙනුවෙන් ඔබට වාසනාව ශක්තිය ලැබේවායි එක හිතින් සුබ පතමු.

Dinesh Chandimal's Century at lord's Video


Saturday, December 17, 2011

මමත් හරිම ආසයි...


නිශාන්තයේ පාවෙන
චුටි චුටි තරු කැට පොකුරු
මේ දැතට අල්ල ගන්න
මමත් හරිම
ආසයි....
හැන්දෑවේ සයුරු තෙරේ
චුටි චුටි මාළු පැටවූ
මගේ පුංචි දෝතට ගන්න
මමත් හරිම
ආසයි...
එත් .......
සංසාර සංචාරයෙන් එපිටට
නිර්වාන සංචාරයේ නිමාවට
මා පුංචි දෑත ගෙන
ඔසවන්නම් මේ පාත්තරය
මේ තුන් ලොව යහපතට

Sunday, December 11, 2011

පුංචි පුංචි කවි පිටු වල නම් බන්දා....




















කවිය අපේ ජිවිතම වෙලා ඇති
සොයුරු සොයුරියන් පිරිසක් වෙලා අපි
ලියනා මේ කවි සිතුවිලි නිසාවෙනි
තුටින් ගෙවන්නේ අපෙ ජීවිතය මෙහි

ඔහේ ගෙතෙන කවි පද වල්
ඔබට සිතෙන සේ විදින්න
ශයගගේ ප්‍රාන්තයේ
ඔබත් ඇවිත් සැරිසරන්න 


http://shayanga.blogspot.com/


ශෂ් නංගිගේ රතු වැඩටික
එක්ක ගෙතෙන කවි පද ටික
හැට්ට කාරිගේ විමනට 
උබ තාමත් අවේ නැද්ද?


http://redssolitarywolrd.blogspot.com/
 

කවිය ඔබ කියා සැම දෙන දුටුව ඔබ 
ආදරයේ මිහිරිම තැන ගැන කියන
දේශි අක්ක මේ කවියට පන පොවන 
උබත් ඇවිත් බලන්න එහෙ ඇති මිහිර
 

http://www.facebook.com/pages/%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%94%E0%B6%B6-Kaviya-Oba-/227822463956024
 

නිහඩව සිතුවිලි ගොන්නක් අරන් එන
ලොචි අක්කගේ කවි පද පේලි ටික

Silent Thoughts වල ඇති ඒසොදුරු බව
වටිනවා බලන්නට උබ එය දැක නැද්ද?
 

http://www.facebook.com/SilentThoughtz
 

සිත් අහසට ගොඩ වදිනා ප්‍රර්ථනා
අමුතු අමුතු සිතුවිලි එහි පද බදිනා
සොදුරු සොදුරු පැතුමන් වල ඉගි කරනා
මිතුරු මුතුරියන්ගේ සිත් තුටු බදිනා
 

http://prarthana-nimnaya.blogspot.com/
 

හංස විල් තෙරේ හෙමිහිට පිහිනන්න
මිහිරි සුවද එහි මල් වල විදගන්න
හමන සුළග වී ඇතට පාවෙන්න
හිම හංසිගේ විලතෙර වෙත් ඔබ එන්න
 

http://himahansi.blogspot.com/
 

නමින් උදාරයි අසංක අපේ අයියා
Audio Online ලියයි රස කරලා
ගයයි සින්දු හැම දෙසවන් එහි රන්දා
බලන් දැන්ම එහි ඇති වත ගොත හනිකා 
 

http://mageswaraya.blogspot.com/
 

උදේ ඉදන් රෑ වෙනකන් අපි රෙදෙනා
පුංචි පුංචි කවි පිටු වල නම් බන්දා
මෙන්න මෙහෙම ලිව්වා කවියක් ගොතලා

Comment එකක් දාපන් ඒ ගැන කියලා

Friday, December 9, 2011

ආදරයේ සියුම් හඩ...

















Plzzzz..........
මොකද්ද ඔයාගේ Longitude එක?
මොකද්ද ඔයාගේ Latitude එක?
ඔයා මොන Elevation එකක හිටයත්
මම Microwave සිග්නල් එකක් වගේ
ඔයාව සොයාගෙන එනවා....
හොයාගෙන ඇවිත් Signal එක
Demodulate කරලා
ඔරිජිනල් Signal එක
Regenerate කරල
ඔයාගේ කනට කරලා
Sound එක Pass කරනවා
එතකොට ඔයට
 I
Love Uකියල Out Put එක ඇහේවි,
හැබැයි Signal එක Capture කරලා
Noise රිමු කරලා
Errors Correct කරන්න කලින්
Signal Coverage එකෙන්
පිට ගිහින්
Signal නැති නිසා
වෙන Mobile Network එකකට
මාරු උනා කියන්න නං එපා ...

Thursday, December 8, 2011

ඔබ,මම හා අප

















සැබවින්ම...
එදිනෙදා සමාජය තුල
ප්‍රසිද්දියේ නිම වෙන 
මහා වේදිකාවක
දකුණු පසින් වම පසටත්,
වම පසින් දකුණු පසටත්,
ඔහේ දෝලනය වන
අද්දක්ෂකගේ,අද්දක්ෂණයට
යටව රගන
කළුත් නොවූ ,සුදුත් නොවූ
කළු සුදු නළුවන් 
නොවේද ඔබ,මම හා අප.....

Monday, December 5, 2011

යාලුවනේ.."MISSED CALL" එකක් වත් දානවද ?
















සතුට"INBOX"එකේ තියාගෙන
දුක "OUT BOX" එකට දාල
සිනහව "SEND" කරලා
තරහ "DELETE" කරලා 
හදවත "VIBRATE" කරලා තිය ගන්න,
එතකොට ඔයාලගේ ජිවිතේ
ලස්සනම "RINGING TONE" එකක් වේවි
ඔයාල"SILENT" උනාම
මගේ life එකේ "SIGNAL"නැතුව යනවා
ඒ නිසා heart එකේ "BATTERY LOW"වෙලා
"SHUTDOWN" වෙන්න කලින්
"MISSED CALL" එකක් වත් දාන්න
..

Friday, December 2, 2011

සයුරු කුමරියේ

හිතේ මහා බලාපොරොත්තු ගොන්නම
සිදී බිදී පාවෙලා යනකොට
මම හැමදාම වගේ හොයාගෙන අවේ
ඔය විතරමයි .....
මගේ හිතේ තිබුණු හැම ගින්දරක්ම
රහසින මගේ කදුළු පිහදලා
ඔයාට කිව්වා.....
ඔයා දිහා බලාගෙන
පැය ගණන් කාලය ගත කරා...
අන්තිමේදී මගේ හිතට
පුංචි හරි සැනසුමක් ගෙනාවේ ඔයා,
ඒ ඔය හොද කෙනෙක් නිස
යි ...
එත් අද ......
ඔය හරි දරුණු වෙලා...
මහා ගොශාවක් වෙලා...
දැන් සතියක් වෙනවා
ඔයා හංග ගත්ත මිනිස් ගිවිත ගැන
තාම ආරංචිය නෑ
අනේ....
සයුරු කුමරියේ
ඉස්සර වගේ අහිංසකව ඉන්න
එතකොට තම
යි
ඔයාගේ ලස්සන අපිට පෙන්නේ
අයෙ නම් දරුණු වෙන්න එපා
ඔයා දිහා කවුරුත් බලන එකක් නෑ

Friday, November 25, 2011

පුළුවන් විදියට මේ විදියට ....













අහස තරම්ද දන්නේ නෑ
මුහුද තරම්ද දන්නේ නෑ
පොලව තරම්ද දන්නේ නෑ 
මේ ලෝකේ තරම්ද දන්නේ නෑ  
එත් නුබට වඩා මම නුබට
එක හිතින් පෙම් කරා...
නුබ තරම් ලස්සනට
මට ගොතන්න බැරි උනත්
පුළුවන් විදියට මේ විදියට
මම නුබට කවි ගෙතුවා.....

Saturday, November 19, 2011

කැතයි හොදේ.....

 ඔව් එක ඇත්ත
කවුද අකමැති
තමන්ගේම පෙම්වතා,පෙම්වතිය
ලගින් තියාගෙන
වරු ගණන් කතා කරන්න,
ඔව් මමත් කැමතියි ,ඔයත් කැමතියි
එත්.....
පෙම් මුල්ලට වෙලා
උබල කරන දේ හරිද?
හිතපන් ටිකක්
ඔයගෙ
යි එයාගෙයි
දරුවෙක් එක්ක
තව අවුරුදු පහ හයකින්
උබලටත් ඔය වගේ දෙයක්
දකින්න ලැබුනොත් ....
ඒ නිසාම,
උබල උබලගේ පෙම් සුව විදපන්
කතා බහ කරලා හිනා වෙලා..
හැබයි ..මදුසමය
බස් එක ඇතුලේ එහෙම ගතකරන්න එපා
එකට වෙලාව එනකන් ඉදල
එකේ රසය උපරිමයෙන් විදපන් ...
බස් එකේ එහෙම හිටියොත්
කැතයි හොදේ.....
 

Tuesday, November 15, 2011

නිදිවරනා රැය අත ලග






















මහ වැස්සක් වැටුණු  කෙතට
පිනි වැස්සක සුවය මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
අවිවේකි දෑස්  යුවල
නිදි වරනා රාත්‍රියම
මගේ පන්හිද ගැටී මෙලෙස
ලියූ කවිය මහළු විනිද..............
අහස් වලා යට සැගවෙන
නිදි වරනා පුර හද මට
කළ ඔච්චම් නිසා මෙමට
නැගුනු කදුළු වල  දුක අද
මගෙ කවිවල ඇහුනෙ නැතිද..............
දෑස්  වසා .....
කදුළු සලා.....
දෑස් වලින් සිනාසුනා...

Sunday, November 13, 2011

මොකද්ද මම උබට කරපු වරද?

මහා විමුක්ති කාමියෙක් වෙලා..
ගිනිදලු පිටවෙන ඉර මඩලක් වගේ
උබ මගේ ජිවිතේට අවා....

ඇවිත්
මගේ හිත ගැබ පුරාවට
විසිරිලා නිදන්ව තිබුණු
මගේ හීන .....
මගේ ජීවිතය,මගේ ලෝකෙම
උබ මගෙන් උදුර ගත්තා...
මොකද්ද මම උබට කරපු වරද?..
උබ ඔය අද දකින හීන
මම උබට කලින් මං දැකපු එකද?
අද උබ වගේ රෑ තිස්සේ නැගිටගෙන
මගේ කුමාරිත් එක්ක හිනා උන එකද?
මගේ හිතමල් යායම
ආදරෙන් පුරවගත්ත එකද?
සත්තය්...
මට උබෙන් ඉල්ලන්න තියෙන්නේ
එකම එක දෙයය්....
තිගැස්සුනාද උබ ....බය වෙන්න එපා...
මම උබෙන් මගේ කුමාරිව ඉල්ලන්නේ නෑ ..
මං වදින්නන් .....
මගේ කුමාරිට කවදාවත් දුකක් නං දෙන්න එපා
මගේ කුමාරිව කවදාවත් තනිකරන්නේ නෑ කියල
මට පොරොන්දු වෙයන්....මට ඒ හොදටම ඇති ...

Thursday, November 10, 2011

අද නොවෙම්බෙර් 10.... වෙලාව හවස 4ය්

අද නොවෙම්බෙර් 10
වෙලාව හවස 4ය්
තාම මකය් අද වගේ 
මුලකුරු තියු හැටි නුබ
මගේ කුලුදුල් ආදරේට  ....
ඒ සොදුරු කෙටි පණිවිඩය
තාම මතකය් අද ලෙසට මට,
සිව් වස් පිරි අද දිනට
.....................................................
අද ඔබ නැතේ පෙර ලෙස,
තාම මතකය් පළමු වසරේ
හොරෙන් ගෙව්වා සොදුරු සවසේ
නමුත් එනමුදු දෙවෙනි වසෙරේ
සතුටින් සැමුරු අපේ දිනයේ
මිතුරු කැළ අපි සමග සිත් සේ
තෙවෙනි සැමරුම් දිනය දවසේ
දුරය් නුබ සිටි දිසා මත්තේ
ඇවිද සරසවි බිමේ සිත් සේ,
..............................................................
එත් අද සිව් වසර නීමේ වේ
නුබට නෑ
එය මතක පෙර සේ
තුටුන් නම් උබ නුබේ සිත් සේ
විදින නම් දුක පෙර වින්ද සේ
.....................................................................
නිදහස් කරනු මැන මා මේ වේදනාවෙන්
නුඹ ගැන මා තුල පවත්නා මතකයෙන්
අකුණකට පෙම්බැඳි කල ගැන ප්රහර්ශයෙන්
මතකයට නැගි සැනින් අමතක
කරන්නට බෑ මගේ
 මතකයෙන්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
රැගෙන යන්න සොදුරිය ඔබේ සුවද මා ලගින් 

Monday, November 7, 2011

පුළුස්සන හදවත....

එක මහා පුදුම හැගීමක්
ඔයා මාව පරිස්සන් කරන්නේ
පුංචි බබෙක් වගේ
මව අල්ලන්නෙත් ඒ වගේම තමය්..
හරිම සිනිදුවට..අසාවෙ බෑ..
ඔයා මාව ලගට අරගෙන ..
ඔයාගේ ඔය සිනිදු දෙතොලින්
මාව අල්ලාගෙන
උණුසුම් කරනකොට
ඇත්තමය්... ඒ උණුසුමට
මාව හිරි වැටෙනවා....
ඔය දෙතොලින් මාව උරනකොට
මව පිච්චිලා අලුවෙලා යනවා වගේ...
ඒ හැගීම් කියල නිම කරන්න බෑ ..
එත් ඔයා දන්නේ නැතුව ඇති
මාව උරණ වාරයක් වාරයක් පාසා..
ඔයා මරණයට ඇදෙනබව
ඒ නිසා ඔයා මාව
උණුසුම් නොකරට කමක් නෑ
ඒහෙම නොකර ඊලග පරන්පරාවටත්  
එහෙම ඉන්න පුරුදු කරන්න..
අපි වගේ නරක අය ආශ්‍රය නොකර
දුම් බීමට තිත තබන්න කියල.....

 

Tuesday, November 1, 2011

ඔබ නිසා....

ඔබ නිසා
මිය නොයමි මම...
ජීවිතය තව දුර නිසා
සතුට මම නොසොයන්නෙමි,
එය මට අයිති නැති නිසා....
මම තවත් නොහඩන්නෙමි,
අඩන්නට කදුළු නැති නිසා.....
මම විදවන්නෙමි තවම,
විදින්නට යමක් නැති නිසා....
ඝන අදුරට පෙම් බදිමි,
ආලෝකයට බිය නිසා......
හිත හදා නොගනිමි,
හදාගන්නට හිතක් ඉතුරු නැති නිසා
යලිත් ආදරයක් නොපතමි
කිසිවෙක් මට ආදරය නොකරන නිසා....

Sunday, October 30, 2011

නිල් දිය පිරුණු වැව් තෙර හිදිලා...

නිල් දිය පිරුණු වැව් තෙර හිදිලා...
ඉතිරි වූ කදුළු බිදු
වැවට ජිවය දෙනවා,
ඒ කදුළු වැවේ..
සුන්දර සිහිල් සුලන් නැති වේවි
ලස්සන රැලි ගොඩට නොනැගේවි
හිදිනු
වැව් බිම ඉරිතැලිලා
හරියට මහා කම්පාවකින් වගේ..
අනේ........
මේ වැව අයේ කවද පුරවන්නද?
මේ කදුලින්
වැව් කන්ඩියත් හෝදගෙන ගිහින්...
වැව දහසකට අඩන්න කදුළු තිබුනත්
වැඩක් නෑ....
ඒ වැව අයෙත් පුරවන්න බෑ..
එහෙම පිරෙව්වත්
මොකටද කදුළු වැවක්
මේ වැව වගේ ...ඉරිතලා මගේ හදවතත්..
ඇතැම් විට....
අනෝරා වැසි වැටේවි....
වැසි දියෙන් වැව පිරියාවි...
පෙර සේම රැලි නැගේවි..
එත්...අමතක කරන්න එපා...
වැව් කන්ඩිය බිදී ගිහන් හමාරය්
දැන්..


Wednesday, October 26, 2011

සුබම සුබ උපන්දිනයක් මගේ සුදු අම්මේ...

හ්ම් ..........
අද මගේ අම්මගේ උපන්දිනේ.. මට අද ගොඩාක් සතුටුය්....වෙනදාටත් වඩා...මොකද ජිවිතේ පලවෙනි වතවට මගේම සල්ලි වලින් මගේම අම්මට උපන්දින තෑගි ගේනවා..
දස මාසයක් කුසේ තියාගෙන  මාව මේ ලෝකෙට බිහි කරන්න මගේ අම්මා කොච්චර දුක් විදින්න ඇතිද (අහ.... අමතක උනා.....මොන දස මාසෙද....මම ඉතින් දැන් වගේම තමය් ඒ කාලෙත් හදිස්සි කාරය ... ඒ නිසා මාස 8න් ආවලු ..).
89 කලබල කලේ මගේ ජිවිත බේරන්න නොවිදින දුක් වින්ද බව ඔයා නොකිව්වට මම දන්නවා අම්මේ..එහෙම හදල වඩල අද අපිව සතුටින් තියන්න මොන තරම් කැපවීමක් කරන්න ඇතිද?...
ඒ හැම දේටම වගේ මම බිව්ව කිරි බින්දුවක් බින්දුවක් ගානෙම ගෙවල ඉවර කරන්න බැරි ණය කාරයෙක් වෙලා ඉවරය්  ...ඒ හැම දේටම මට කරන්න පුළුවන් එකම දේ මගේ අම්මව සතුටින් තියන එක විතරමය් ....මම අද මගේ අම්මගේ සතුට එයාගේ ඇස් දෙකෙන් දැක්කා ....මම තෑගි දුන්නම "පිස්සුද ළමයෝ ..මොකටද මෙවෙ ගෙනාවේ" කියල කිව්වට...මම දැක්ක අම්මේ ඔයාගේ ඇස් දෙකේ තිබුන සතුට..ආඩම්බරය....ඒ  සතුටය්  ආඩම්බරයි හැමදාමත් මගේ අම්මගේ ඇස් දෙකේ රදවන්න මම උපරිමය කරනවා..මම ගොඩාක් අදරෙය් මගේ සුදු අම්මට ... සුබම සුබ උපන්දිනයක් මගේ සුදු අම්මේ...

Monday, October 24, 2011

අනේ යකුනේ,පොඩ්ඩක් හිතපල්ලා...




















නේ යකුනේ,පොඩ්ඩක් හිතපල්ලා...
උබල ඔය උජාරුවෙන්
උරණ ඔය දුම් වැටියෙන්
උබලගේ වගේම උබල වටේ ඉන්න
අපෙත් ජිවිතත් කෙටි වෙනවා කියල.....
සමහර කාලකන්නි ඉන්නවා...
"සිකරට් එකක් බොන්නේ නැත්තන් කොල්ලෙක්ද බං"
කියා හරි උජාරුවට කියන අය,
එත් උන් තාම දන්නේ   නැතුව ඇති
ඔය සිකරට් එක නිසා උන්ගේ පිරිමි කමත්
ටිකෙන් ටික  නැති වෙන බව,
තවත් සමහර කාලකන්නි කෙල්ලෝ ඉන්නවා
"අනේ මෙය,එය ඔය ඉදල හිටලා එකක් බිව්වට කමක් නෑ
කොල්ලෝ ඔහොම තමය් " කියන අය...
හිතපල්ලා ටිකක් ..ඒ විනාස වෙන්නේ තමන්ගේ මිහිහ කියල..
උබල දන්නවද ...
මේ ලෝකේ ,හැම තත්පරයකම..
ඔය උජාරුවෙන් බුම් වළලු පිට කරපු එකෙක්ගේ
ජිවිතයක් නෙති වෙනන්ව කියල
පින්සිද්ද වෙඉ දැන් වත් ඔය වැඩේ නවත්තපල්ලා..
නවත්තල උබලගේ ජිවිත වගේම ..
වටේ පිටේ ඉන්න අපේ ජිවිතත් කෙටි නොකර ඉදපල්ලා..



අද දුම් වැටිය කියන එක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා...බොහෝ තරුණ පිරි මේකට ඇබ්බැහි වෙලා..ඒත් එකෙන් වෙන විනාසය කියල නිම කරන්න බෑ ..ඒ නිසා මගේ හිහට නැගුනු සිතුවිල්ලක් මෙහෙම වචනයට පෙරලුනා..මන් හිතන්නේ ගොඩක් අය දුම් බීම පිළිකුල් කරනවා..ඔයාලත් දුම් බීම පිළිකුල් කරනවානම් ඔබ වටේ ඉන්න අයව ඒ විනසෙන් බේර ගන්න.ඒ අපි හැමෝගෙම සතුටට හේතු වේවි  ......

Tuesday, October 18, 2011

පාවී යන්න වලාකුලක් සේ













අපි ජීවිතේ අතරමං වෙලා ඉන්නකොට
අපි වැඩියෙන්ම ආශා කරන්නේ
නිල් අහස දිහා බලාගෙන හීන මවන්න
ඒ වලාකුළු වගේ ඇතට පාවෙන්න,
අපි එහෙම හුගක් අශාවෙන් බල ඉන්නකොට
අහසේ පා වෙලා ඈතට යන
පුළුන් වගේ සුදු වලාකුළු පොකුරු වලින්
එක වළාකුලක්වත් අපි ළග නතර වෙන නෑ
එත් අපිට දුක හිතෙන්නෙත් නෑ,
ඒත් ඒ වළාකුලු අතරින්
එකම එක සුදු වළාකුලක් හරි
අපිට ඉහලින් නිල් අහසේ නතර වෙලා
අපිට හෙවන උනොත්,
ඔහේ ගලා ගිය ජීවිතයකට පාර කියලා දුන්නොත්,
අපි පුදුමාකාර ආදරේකින්
ඒ වළාකුල එක්ක බැදෙනවා
අපේ හැම සිතුවිල්ලක්ම,හැගීමක්ම
ඒ වළාකුලත් එක්ක
සදාතනික බැදීමකින් බැදෙනවා...........
එත් අපිව අව්වෙන් ආරක්ෂා කරලා
සිසිලස ලබාදීල .....
අතරමං වෙච්ච ජීවිතයට පාර කියලා දුන්න,
ඒ වලා පොකුර එක පාරටම,නිමේෂයකින්
කලුම කලු වැහි වළාකුලක් වෙලා
අපිව කදුලින් තෙතබරිත්  කරනකොට
අපිට ඇතිවෙන්නේඉවසගන්න බැරි තරම් දුකක්
එහෙම වෙන්නේ අපේ හැගීම වල
උපරිම  අවස්ථාවන්
අපි ආදරේ කරන දෙය,කෙනා වෙනුවෙන්
කැප කරන්න වෙන නිසා වෙන්න ඇති,
එත් අපි කවදාවත්
ඒ සුදු වළාකුලත් එක්ක තරහා වෙන නෑ
ඒ අපි මුලු නිල් අහසටම වඩා
ඒ සුදු වළාකුලට ආදරේ කරපු නිසා......................

Sunday, October 16, 2011

මතකයේ අසිරි සිරි















දිනක් එකම එක හීනෙක,
සදා තරු මට කතා කරනවා වගේ ඇහුනා,
තවත් එකම එක හීනෙක,
පෙන පිරුණු රැලි
වෙරල සිපගන්නවා වගේ දුටුවා
එක දවසක් තව හීනෙක,
ඒ අහස පොලොව එකතු උනා.
තවත් මගෙ පොඩි හීනෙක,
ඔබත් මගෙ වී ඇතට ගියා
සියලුමේ තතු දැන් හීනයක් වෙලා
සුසුමකින් පිනි හදුනා
කදුලකින් රස දැනුනා
සඳ ලග සිටි දවස
ඔබේ රුව ගුණ වරුණ
මා සිතෙහි ලෙලදෙවන
ඔබේ ඒ මතකයේ අසිරි සිරි
කවියක්ම උනා මෙලෙසට මෙමටා.......

Friday, October 14, 2011

තනිකම නිවන කවි කම සිත් වෙලා මට ...

දේශකයෙකි ඔබ
හරබර සිතුවිලි මගේ මනසට ඇතුල කල…
යන්න එපා ඔය මග...යන්න නුබ මේ මග
කියා මග පෙන්නුව
ඇදුරුතුමිය ඔබ
ජීවිත පොත තුල නොකියවූ දේ පහදා දුන්න…
මිතුරන් සතුරන් වෙන්කළ දෙන
චින්තකයෙකි ඔබ
විස්මිත නිමැවුම් මවනා හැටි පෙන්නා දුන්න…
නොමවන සිත්තම මවා දුන්න.
පුදුම දෙයකි වුන,කෙදිනකවත් නොසිතු ....
කිම්ද කාරණා
නොසිතු මොහොතක මා අතහැර යන්න…
එකම දෙයය්  ඉතිරි කලේ නුබ මෙමට
තනිකම නිවන කවි කම සිත් වෙලා මට ...

Tuesday, October 11, 2011

සිත්මල් යාය පුරාවට

සිත්මල් යාය පුරාවට
රටා තියලා සිත්තම් කල සිතුවමක් වගේ
ඔය ඇස් මගේමයි කියලා හිතපු
ඒ සිත්තමම අද ගිනි ‍ගොඩක්
සිනාසෙන නුඹෙ හසරැල් මුවට
කථා කරන ඔය නෙතුකැට  වලට
මං පුරා අහසක් තරමි ආදරේ කලාට ද
විදින්නේ මේ දඩුවම් ..
කෙදිනක් හෝ දිනක ඹයාගේ ඔය හිතට
ආදරයේ වේදනාව
ඔබේ දෙකොපුල් තමු දිනයක
මතක් වේවි ඔයාටම
ඔයාගේ හුළග
හුස්මක් තරම් ළගින් ඔයා ළග හිටපු 
හැටි
එදාට ඔයා වළාකුලක් වෙලා
ඈතට පා වෙලා යාවි ඒ හුලගෙම
ඒත් හුළගට එදාට ඔයාව
ඔයාටම
රැක ගන්න බැරි වෙවි
මොකද ඔයා හුලගින්

ගොඩක් දුරස් වෙලා නිසා

Sunday, October 9, 2011

විරහවක කදුලු නුබේ දෙකොපුල් තෙමන තුරාවට

සියුමැලි සිතක පුලින වන
කුලුදුල් ආදරය
විරහවක් වූ කල්හි
හිතට නැගෙන්නා වු තනිකම
වේදනාවක් වු විගස
දෑස් මත ඇදෙන කදුළු සිත්තම්
දුක නැමැති සිත්තරාගේ
පන්හිදින් සිතුවම් වු
සිතුවම් වලින්
ලොවම හඩවන්නා සේම.......,
රාගයත් සෙනහසත්
වෙන්ව හදුනාගැනීමට,
විරහවක කදුලු නුබේ දෙකොපුල් 
තෙමන තුරාවට
නුඹට නොහැකි වනු නොඅනුමානය
පිවිතුරු ආදරය

Wednesday, October 5, 2011

අහස නිසලයි... සයුර සසලයි... සිතිජයේ හිරු තනිවෙලා


අහස නිසලයි...
සයුර සසලයි...
සිතිජයේ හිරු තනිවෙලා......
සයුරු තොටුපල,පුරා පිස එන
සොරුදු මදනල
මගේ තනිකම අදුනලා...
අතේ තනි උනා
රෝස මල් මිට
කදුළු ගීයක් මුමුණලා...
දුකක් නොහදුන ගලක් හිත ඇති
සොදුරු නපුරක උනිමි මා ....
කතර වැටි දිය බිදක් මෙන් මගේ
කදුළු ඇය දා සිදළුවා...
මගේ අයදුම් අහිංසක උනි
කනට නොඇසෙන තෙක් එදා..
දිනක් එන තුරු බල ඉදිනිමි
නිසල සුළගේ පාවෙලා...
යන්න සිතිජය පුරා රහසේ
ඉදිමි අද මා තනිවෙලා

Sunday, October 2, 2011

සොයල දෙන්න මගේ හදවතේ PASSWORD එක


ඔයාට මතකද
එකමත් එක හැන්දෑවක
ඔය මගෙන්
මගේම හදවතේ Password එක ඉල්ලුවා
මම ඒක දුන්නේ ගොඩක් විස්වාසයෙන්,
මම හිතුව ඔයාහැමදාමත්
මගේ Log-in එකට Log වෙලා ඉදිවී කියල,
එත් අද ඔයා
මගේ මුළු හදවතම Format කරලා
Password එකත් Reset කරලා
නොකියාම යන්න ගිහින්
අද මගේ හදවතේ Drivers ඔක්කොම මැකිලා,
කාටවත්ම Log වෙන්න බැරි තරමටම....
මම හුගක් උත්සහ කරා එක On කරගන්න
එත් ඔය ඉතුරු කල ගිය Virus එක ,
තාමත් මගේ හදවතේ වැඩ කරනවා
විටින් විටදී මට Attack  කරනවා…..
Virus එක මකන්න හදන හදන පාරක් ගානෙ
වෙන්නේ ඒ Virus එක Restart වෙන එක විතරමය්


Saturday, October 1, 2011

සිහිනයක් අබියස


හීන බොදවෙන බව දැන දැනම
හින මවන්නට රිසි නම්
හීන මවන්නට ඉඩ දියන්
පලක් නෑ වලකලා….
පාට හීන තුල මංමුලා වනතුරුම
වැටහෙන්නේ නෑ උන්ට
මිරිගුව සැබෑවක් නොවේමැයි කියා...
ලග පෙන සතුටු ජීවිතය…
නොම වේය හීනයක්
ඉතින් ඇයි නූඔ තවත්
ඉම සොයන්නේ  හීනයක…
නොම තබන් ජීවීතය
හීන මල් ලෝක වල
අවදි වූ සැනෙක නූඹ
වියැකේය සැම සිහින….
දානෙය් දුක නුබට
ඉතින් කෙලසකද මග
සොයන්නේ ජීවිතය....
නානනාදුනන ලෝකයක
තනිවූ දිනක නුඹ….
දැන් වත් නැගිටපන්
ඔය අදුරු හිඟයෙන්
යථාර්තය දකින්න ...

Wednesday, September 28, 2011

තනි තරුවක් අහසේ දිලුණා..

අදුරුම අදුරු සොදුරුම සොදුරු
දිදුලන රැයක
කළුවර අතරින් දිලෙන
දහස් ගණන් තරු අතරින්
චුටිම ච්ටි තරුවක්
තවත් ලස්සනම ලස්සන
තරු කුමරියකට
ලංවී දිලුණා........
මුළු අහසම හැඩකාරය්...
අමුතුම සිත්තමක් වගේ...
එත්...තවත් දවසක
හිරු කුමාරයා අවරට ගියා..
එකම වෙනසය්,හරිම පුදුමය්
තරු කුමාරි සැගවිලා....
කළු කුහරයකින් වසගේනාදෝ.....
මුළු අහසම කළුවර වෙලා
දහස්ගණන් තරු ගිලි ගිහින්
සොවින් වගේ....
මුළු අහසම පලුය්
හිත අහස නැති කරන්න
බැරි නිසාදෝ මන්දා..
ගලන කදුළු කැට හොරැහින් හංගා
තනි තරුවක් අහසේ දිලුණා..
කෙදිනකහෝ මුළු අහසම දිදිලවන්න සීතා..

Sunday, September 25, 2011

අහබු චාරිකාවක සොදුරු පැතිකඩ ...

යාලුවනේ.... මගේ ගම අම්බලන්ගොඩ උනාට මම පොඩිකාලේ හැදී වැදුනේ අම්පාරට නුදුරු හිගුරාන කියන සුන්දර ගම්මානේ.ඒ මගේ තාත්තා වැඩ කරේ හිගුරාන සීනි ආයතනේ උන නිසා..ලංකාවේ තියන හොදම ඉස්කෝලේ තිබුනේ අම්බලන්ගොඩ නිසා මට ඉස්කෝලේ යන්න අම්බලන්ගොඩ එන්න උනා...පහුගිය දවසක මගේ රාජකාරි වැඩකට මට අම්පාරේ යන්න උනා...ඒ වෙලාවේ මම මගේ සොදුරු ළමා කාලය ගෙවුණු හිගුරාන ගම්මානයට අවුරුදු 17 කට පස්සේ පය ගැහුවා...මට දැනුනේ පුදුම හැගීමක්... ඒ නිසාම ඒ ගැන පුංචි පද පේලි දෙක තුනක් ලියඋනා ...ඔයාලත් කියවල බලල හොද නරක  වැරදි අඩුපාඩු කියන්න.....


නැගෙන සුළං රැලි ගත පිනවන්නා
දකින කලදී උක් යායම පින්නා
විදින විටදී ගම්මානේ සිරියා
පිනැති පුතෙකි වැඩෙනට මා සොදිනා

ගලන ගං දියේ පීනා යන්නට
වැඩෙන උක් යායේ සැගවී ඉන්නට              
හැදෙන සිනි කැට රස කර කන්නට
වරමක් ලැබුණා දිවිය විදින්නට

එන්නට ඌවා පාසල් යන්නට
ලොවේ හොදම පාසැල වෙත එන්නට
වරමක් ලැබුන යලි එහි යන්නට
දාහත් වසරක මතක විදින්නට

හිගුරනය් ඒ මගේ ගම්මානය
අරුමය් පුදුමය් අද එය දුටුවම
පුදුම දිඋනුවක් ලැබ ඇත එය අද
සතුටුය් ඒ ගම යලි මා දුටු විට 



Sunday, September 11, 2011

ඇවිත් ඒ සිතුවිලි හෙමිහින්....... ඔහේ පාවී යනවා හොරැහින්.....

ලියන්නට බොහෝ සිතුවිලි   ආවත්
ලියන්නට වෙලා නෑ මට වැඩ  දැන්
ඇවිත් ඒ සිතුවිලි             හෙමිහින්
ඔහේ පාවී යනවා          හොරැහින්

ලියන්නට වෙලා ලැබුණා               කලකින්
කියන්නම ඉතින් මා කල කී                 තැන්
විටෙක සොදුරුයි  විටෙක කටුකයි ඒ  තැන්
තුටින් සිටිනෙමි එයයි මගේ රැකියාව   දැන්

යන්න ගියේ හැමදා මා          කෝච්චියේ
යන්න උනේ ටික දවසයි      කෝච්චියේ
අලුත්ගමින් පහලට දැන් ට්‍රින්        නැතේ
දැන් පැක් වෙමු සැමන් වගේ බස් රථයේ

සමහරු කියයි  උන් දැන් හරි උඩයි කියා
මොනවා උනත් දැන් අපිනන් උඩයි මෙයා
කන්දක් නැගල  හති හලනා අනේ ඔයා
කාදුත් නැගල කනුවත් අපි නගිනවයා

ඔහොම ටෝක්ස් දීල අපිත් යනවා අනේ
උඩට ගියමයි  දැනෙන්නේ රගේ   අනේ
පහල බැලුවම දෙයියන් බුදුන්      දැනේ
එනමුදු මනරම් දසුන්ද          දකිනවනේ 

සිග්නල් නැතයි සමහරු අඩ අඩ    හිටියා
ඔන්න බබෝ Hutch 3G         ලග එනවා
ගත්ත අයට මල් Hutch sim     බුදුවෙනවා
මුණ බලාගෙන උන් හෙට  ගොඩ යනවා

සමහරු කියයි උබ දැන් නං ගොඩයි    කියා
කෙල්ලෙක් හොයා දාගන්නයි හොදට හිතා
හපෝ මචෝ කෙල්ලෙක් දැන්  මෙමට එපා
ඉගෙන ගන්න තව කාලය මට             ඕනා

තාම ගත්තේ නෑ  මාගේ මුල්             පඩිය
හැමෝම අසයි පාටියකට සෙට්    වෙන්න
දුන්නොත් හැමෝටම පාටිය ජොලි ගන්න
ලක්ෂ දෙක තුනක් යයි මට  ගොඩ යන්න

ඉගෙන ගන්න ඇත මේ ගැන තවත් බොහෝ
යමි පෙරටම ගන්න තුරු සියලු               තතු
පුහුණුව වැටි හැමදේටම වඩා                මතු
ගොඩ යන එක යනවමයි මෙයන්          මතු

ඉස්සර කරපු ගොන් කම් මග හැර යන්න
යනවා මේ පාරේ දිගටම ගොඩ     යන්න
කිසිවෙකුට වත් බෑ මගේ මග   අහුරන්න
මිතුරේ උබත් ඉදපන් මා           සමගින්ම

දැන් නම් මචෝ ඇති මේ කවි මම    ලිව්වා
හොදනම් දාපල්ලා comments මම හින්දා
උබලගේ අදහසුත් මගේ හිතා සවි   බන්දා 
එහෙනං යාලුවේ දැන් නම් මම     කැපුනා

Tuesday, September 6, 2011

අම්මේ... හැමදාමත් මගේ ශක්තිය ඔයා .....

මේ කලේ ගැන මට පුංචි මතකයක්වත් නෑ
එත් ඔයාට අකුරක් නැර හැම දේම මතක ඇති
ඒ ඔය දස මාසයක් මාව කුසේ තියාගෙන
මාව මේ ලෝකෙට බිහි කරපු මගේම අම්ම නිසා...
 
කිසිම මතකයක් නැති උනත්
ඒ කාලේ මෙහෙම වෙන්න ඇති කියල මට හිතෙනවා
ඒ  කලේ මම හුගක් අඩන්න  ඇති
එතකොට ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති
ඒ දුකට ඔය රතු ලේ සුදු පාට කිරි වලට හැරෙන්න ඇති
ඒ කිරි ආදරයත් එකතු කරලා මට පොවන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මම තියන හැම අඩියකටම
ශක්තිය ලැබෙන්නේ ඒ කිරිවලින්
අදටත් හෙටටත් හැමදාටමත් ඒ මගේ ශක්තිය

තවත් වෙලාවක මම අඩනකොට

මම අඩන්නේ නිදිමත වෙලා කියල ඔයාට හිතෙන්න ඇති
ඔයා  මාව කකුල්දෙකේ දාල නලවන්න ඇති
ඒ නැළවිලි ගීත අහගෙන මට නින්නද යන්න ඇති
අදත් මම නින්දට යන හැම මොහොතේම
ඒ නෙලවිලි ගීත හීනෙන් වගේ මට ඇහෙනවා

තවත් වෙලාවක මම අඩනකොට

මම අඩන්නේ සීතලට කියල ඔයාට හිතෙන්න ඇති
ඔයා මව උණුසුමට තුරුල්කරගෙන නිදා ගන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මහා වැස්ස වෙලාවක සීතලක් දැනෙන හැම වෙලාවකම
මට ඔය ලගට දුවගෙන එන්න හිතෙනවා
පුංචි දවස් වල වගේ ඔයාට තුරුල් වෙන්න හිතෙනවා

මම හිනාවෙනකොට මම  දග කරනකොට

ඔයත් හිනා වෙන්න ඇති
මම අමාරුවෙන් අම්මේ... අම්මේ.....
කියල කියනකොට ඔය ඇස්වලට කදුළු එන්න ඇති
දුකට නෙවෙය්  සතුටට

මම දන ගා නැගිටින්න හදනකොට

ඔයා මට සුලගිල්ල දෙන්න ඇති
මම ඔයාගේ සුලගිල්ල අල්ලාගෙන
නැගිටින්න ඇති
ඔයා හිනා වෙන්න ඇති
සතුට වැඩි කමට තාත්තට කතා කරන්න ඇති

ඔය දන්නවද අම්මේ

ඔයාගේ සුලගිල්ල තමය  මට ඉස්සෙල්ලම
පොලවේ පය ගහල නැගිටින්න උදවු කරේ

ඉතින් හැමදාමත් මගේ ශක්තිය ඔයා

ඔය තමය් මේ ලෝකේ ඉන්න හොදම අම්මා





මටත්  මේක මගේ යාලුවෙක් ඉ-මේල් පණිවිඩයකින්  එවපු එකක් ..මේක කියවපු පලවෙනි වතාවේ මගේ ඇහැට කදුළු අවා ..ඒ තරන්ම මේක සංවේදී ..ඇත්තමය් අම්මා කෙනෙක්ගේ ආදරේ කොච්චරනං විසාලද...ඒනිසාම මේක දාන්න හිතුව...මේක ලිවුවේ කවුද කියල නං දන්නේ නෑ ..එත් මේක ලියපු කෙනාට මේක දකින හැමෝම පින් දෙවි..මොකද මේක ඒ තරමටම වටිනා නිසා..
 

Sunday, September 4, 2011

අත්තමයි මම ඔයාට ගොඩක් ආදරේයි

අත්තමයි.....
මම ඔයාට ගොඩක් අදරෙයි,
හැමදාමත්
මම ඔයාව නොදැක
කොහොම ඉන්නද,
ඔය එවන පණිවිඩ....
ඔයාගේ ලස්සනම පිංතුර..
ඔයාගේ රසබර වචන..
මාව හැම මොහොතේම සතුටින් තිබ්බා,
හැමදාම රැටත්,
පහුවෙනිදා උදේටත්,
මට මුලින්ම දකින්න ඕනේ උනෙත්
ඔයාවම විතරයි

ඒ ඇත්තටම මම ඔයාට
ගොඩක් ආදරේ නිසාම විතරයි
,
හැමදාමත් ඔය එක්ක සෙල්ලන් කරන්න..
යාළුවොත් එක්ක සතුටු වෙන්න..
මගේ දුකේදී වගේම සතුටෙදිත්,
ලගින්ම ඉන්න,මට ඔයාව නැතුවම බැරි වෙලා
එත් දැන් වෙනද වගේ,
මට ඔය ලගින් ඉන්න අමාරුයි
එත් මොනවා කරන්නද?
මම පුළුවන් හැම වෙලාවේම
ඔයාව බලන්න එන්නන්
වෙනද වගේ හම්බෙන්න බැරි වෙන නිසා
ඔයත් වෙන අය වගේ,
මගෙන්  ඇත්වෙලා
දුකක් දෙන්න එපා
මගේ Facebook කුමරියේ
අත්තමයි
මම ඔයාට ගොඩක් ආදරේයි

Wednesday, August 31, 2011

අනේ බන්ටියෝ........යලිත් එනු මැන අපේ ලෝකෙට


අනේ බන්ටියෝ........
කොහේ සැගවී ගියාදෝ උබ
උබේ මතකය දමා අප ලග
තවත් මතකයි සොදුරු කාලය
යලිත් එනු මැන අපේ ලෝකෙට,
එකට සෙල්ලම් පිටියේ හමුවී
එකට ඒ පා පැදියේ එල්ලී
ගිය හැමතැන එකට එක්කවී
සදා මතකය නොයයි සැගවී
ගියත් උබ අප දමා දෙවසර
තවම දොකොපුල කදුළු බිදු ඇත
බැදුණු මතකය උබේ සිනා ලග
කෙලෙස අමතක කරන්නද අප,

Sunday, August 28, 2011

පුරගන.......ලොවම දුටුවත් ඇගේ නිරුවත,කිසිත් නොදකියි අගේ හිත දුක,

       
ලොවම දුටුවත් ඇගේ නිරුවත
කිසිත් නොදකියි අගේ හිත දුක,
පාපකර ඒ වනචාරිකම
වැටෙයි ය පිට ලොව ඉදිරිපිට,
කොතෙක වැසුවද පවුල් දෙක තුන
ඇසුර ලොල් වූ ගැහැණු ලොව තුල,
අගේ අසරණ කමට ය අද
පුරගනක් වී රගයි රැය තුල,
අනේ මිනිසුනි බලන් මේ දෙස
ගැහැනියකුගේ අසරණවූ හිත
එපා අගේ වත මිලට ගන්නට
යි සතු අමිල වස්තුව,
තල්ලු කරනට එතනටම
එපා අගේ වත කෙලසවන්නට,
එපා  නුබේ පව
දෙන්නට
මෙයි මිනිසත්කමේ
පාපය.