Saturday, December 29, 2012

***අදට වසර දෙකයි ***

සිනහවෙන් පිරුණු මුව
රුදුරු කරන්නට
සතුටින් පිරුණු ඇස
කදුලින් තෙමන්නට
නිදහසේ ඉගිලුණු හිත
ගින්නෙන් දවන්නට
මිනිසෙක් උන මම
යකෙක් කරන්නට
ඔබ වැය උනේ
වචන හතරයි
"මට උබව දැනෙන්නේ නෑ"
ඉතින්
අදට වසර දෙකයි
මට තාමත් ඒ
දෝංකාරය ඇසෙයි
එත්
අදටත් මා නිහඩයි
මට සතුටු මා ගැනයි

Sunday, December 23, 2012

ආදරේ දැන් හරි ගණන්

හරිම ලාබෙට දුන්න
මගේ ආදර හිත
මහා මෙරක් තරම් උනත්
ලාබෙට දුන්නු නිසාම
වටිනා කම අඩු වෙලා ගියා,
දෙන්නේ නම් නෑ මං ආයේ
මගේ ආදරේ
හරිම අඩුවට,පුංචි ලාබෙට ...
මොකද ..
ආදරේ දැන් හරි ගණන්

Tuesday, December 18, 2012

ආලෝකයේ වේගයෙන්

යනවා නම්
ආලෝකයේ වේගයෙන්
ගත වෙන්නේ නෑලු
කාලය අපිට කවදාවත්,
-
-
-
-
-
-
එදා සිට තවමත්
අයින්ස්ටයින්
ආලෝකයේ වේගයෙන් ද?
නැතිනං
අපි තාමත්
ඉබි ගමනින්ද?

Saturday, December 15, 2012

** අනංගයා **

නිදහස් සිත්
සංකර කරන
විනිවිද යන
භෞතික නොවූ
කළු සුදු
සිතුම් දහසක්
පාට පාටින්
හැඩ කරන
අදෘශ්‍යමාන
සිත් මිනුම්දන්ඩෙ
අයිතිකරු


Tuesday, December 11, 2012

මදුසමය


සඳ නැති දාට
තනි තරුවත්
ලස්සනයි
තරු නැති
දාට
ඝන අඳුරත්
මනහරයි
නුඹ ඇති දාට
මගේ හිතත්
සංකරයි
අපි එනිසාම
ඝන
අඳුරට
පෙම් කරයි 

යාලුවනේ...පහුගිය දවස් වල විභාග  නිසා බ්ලොග් අවකාශයේ  සැරිසරන්න  නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය තිබ්බ.සමහරු මට බැනලත් තිබුන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ නෑ කියල .අනේ අයෙමත් සමාව ඉල්ලනවා.ඉතින් ඔන්න මාසෙකට වැඩි කාලෙකට පස්සේ හැමෝගෙම  හිත නවතින තැනකින් පටන් ගත්ත ...ඒ මදුසමය ...කියවල හොද නරක කියන්නන්කෝ ....