Sunday, September 30, 2012

ක්‍රීඩාවේ ජවය....

 
 
 
 
 
දාන දාන බෝලෙට අපි ගැහුවට
යවන යවන බෝලෙන් පොලු කැඩුවට
රට වෙනුවෙන් ප්‍රතිවාදී වුවාට
හිත් වල ප්‍රතිවාදී කම් නැත තාම

තරගයකට අපි පිටිය බසින විට
පිල් බෙදිලා ඔල්වරසන් දුන්නට
කාට උනත් කරදයක් උන විටක
මහතුන් ලෙස අපි හැසිරෙමු හැමදාම 
 
පහු ගිය දවසක් නවසීලන්තය සමග පවතී තරගයක් අතරතුර ඇති උන සිද්දියක් මේ කවි පද වලට හේතු උනා.තරගය අතරතුරදී පන්දුවක් වැදී ආබාධයට ලක්වූ නවක ක්‍රීඩක අකිල ධනංජයගෙන් එම සිදුවීම වූ මොහොතේදී බ්‍රෙන්ඩන් මැකල්ම් විසින් සුවදුක් විමසූ ආකාරයයි මේ පින්තුරයේ දක්ක්වෙන්නේ.තවත් විශේෂ කරුණක් වන්නේ එම පන්දුවේදී ඔහු ලකුණක් ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කර මෙලෙස අකිලගේ තත්ත්වය විමසීමයි..ඇත්ත වශයෙන්ම මෙයයි ක්‍රීඩාවේ ජවය,මහත්මා ගුණය.ක්‍රීඩාවේ අවසාන හැමදාමත් මෙය වෙනවනං එහි පරමාර්ථයත් සාර්ථක වේවි

Sunday, September 23, 2012

සෘන්ගාරයෙන් වගේ

 
රහස් කතා
කන වැටෙයි මා
හිත පිනයි
සෘන්ගාරයෙන් වගේ
නෙතු පිනා අගවන
මුමුණ ඔබේ කව
ඇසුනා වගේ
දැනුනා
නෙතු අගින් ඔබේ
සුන්දර සැදැවක්
හිතක් හිරිවැටෙන
තරමටම
 
හි හි ...අපේ ගැණු දැරිවියෝන්ට කතා කරන්න කට ඕනේ නැතිලුනේ ....ඒ වගේම තමයි ලජ්ජා බයට හැදුනු ගනු ළමයි මුලින් ආදරේ ප්‍රකාශ කරන්නේ නැලුනේ(ඔය සමහරු එහෙම කරාට)..ඒ උනාට එයාල ගොඩක් අයට කටින් කියන්න බැරි දේවල්,ඇස වලින්,හිනාවෙන්,ඉගි බිගි වලින් කියන්න පුළුවන්ලු ...ඉතින් ඒ ගැන පුංචි අදහසක් අවා..කියවල හොද නරක කියන්නකෝ ..මේක කියවල ගැණු දැරිවියෝ මට බනිනවා එහෙම නෙවෙයි ඕන ..මම කිව්වේ අත්තලු..හික්ස්.

Thursday, September 20, 2012

නිශාන්තයේ



එලිය කලත් මුළු ලෝකෙම
ඒ හිරු දෙව් දුව
යන්න ගියත් හැරදා
මේ අහස පාලුවට සවසට,
කීමේද දුකින් නුබ අද තනිව
එලිය නැතත් නිශාන්තයට
සිසිල සමග පොර බදින
මනකල් තරු කැට හට
තනි නොවෙන්න
පායන සොමිසද
අමුතුම අමුතු
සිතුවම මවයි නම්
තවත් කුම නුබ දුකින්,
විදින්න මේ නිශාන්තයේ
මිහිම මිහිරි සිසිලස
තුරුල් වී සොමි සදට..


Monday, September 17, 2012

සමනලයෙක් අතේ....











මල් පෙති අග
ලියල පෙම් හසුන්
මල් සුවදත්
එක්ක
සමනලයෙක්

අතේ නුබට
පාකරලා
එවන්නද?
මල් සුවද මැදින්
පෙම් සුවද
නුබව සිප ගත්තොත්

කනට කරලා
සමනලයට
පණිවිඩයක්
කියල එවනවද
ඔයා...
 
හොරහින්.

Tuesday, September 11, 2012

එහෙම නේද ?


 











ප්‍රජාතන්ත්‍රවාදයෙන් වට
පරමාර්ථයෙන් ජය ගන්නට
විසි කරන මුදල් කැන් පිටින්

බත් පැකට්ටුවට
ගල් බෝතලයට
රුපියල් දාහට
විකිනෙන
ජනතා පරමදිපතයයේ
අපේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය 
ලංකාවේ ඡන්දයයි ....
එහෙම නේද ?
 
මේක කාට වත් කඩේ යන තවත් ගොන් අතල් එකක් නෙවෙයි,වට කරලා වැට බදින මහ රජාත් ,කට ඇරියොත් නාගන්න මහා අලියත්,වාචාල කමට කට ගහන රතු සහෝදරයොත්, මේ ඔක්කොම කරන්නෙත් මෙච්චරයි,අන්තිමේදී කෙල වෙන්නේ අපිටමයි.ඡන්දය දිය යුතු හොදම කෙනාට මිස.පක්ෂ,පාට,බත් පැකට් එකට,ගල් බෝතලේට,කඩදාසි නෝට්ටු වලට දුන්නම අපිට හැමදාමත් වෙන්නේ අය්යෝ සල්ලි කියල ඇත පිහද ගන්න විතරයි...එහෙම නේද ?
 


Wednesday, September 5, 2012

හිමිදිරි කුමරී...

මුකුලිත හිරු රැස්
ඔබේ මුව සිප ගෙන
රන් වන් පාටින්
බැබලෙන් ඔය රුව
හිමිදි උදයේ දකිනා
ඔබේ වත
අමුතුවකට දෝ
මුකුළු කරා....

හැඩලෙන කිංකිනි
නුබේ ඔය නාදය
සත් ස්වර හඩ දෙන
මවනා ගීතය
සවනට මගේ
ඔකද වෙලා...

ලස්සන ඔය රුව
දුම්රිය තුල අප
නෙතු ඔබ තුලටම
එකතු වෙලා
ලස්සන දේගැන
ඇස වැටෙනා බව
දැන අප සැම ඔබේ
දෙස බැලුවා

කුමක් කරන්නද
ඔබ වැඩිමල් බව
දැන අප ඔබේ රුව
රස විදිනා
අහිතක් නෑ අපේ
සිත්වල අක්කේ
ඔබේ වරුණ මා
කවි බැන්දා

Monday, September 3, 2012

හැට්ට කට්ට














හැට්ට කට්ට
එකතු වී
අමිනුනු විට
ඇනෙන්නේ
නැතත්
හැම තැන,
ගැලවිලා
වෙන් වු විට
ඇනෙයි
සැම තැන
විරසක වු
ප්‍රේමයක්
විලස