Thursday, March 22, 2012

දිගන්තය පුරා.....












සිහින බොද වෙලා
පැතුම් ඉගිලිලා
සෝ සුසුම් රැලි පාවෙලා,
කොපුල් තෙමා හල
කදුළු කැට වියලිලා
තවත් ලොවකට
අලුත් නිම්නෙක

නැවුම් අවසානයක
ඉලක්කය මට හිමි වෙලා,
ඉදින් දැන් යමු ඉතින්
අනන්තය සොයා
මේ වසන්තය සිසාරා .
එන්න ඔබ සැමත් මා හා
දුව යන්නට මේ
දිගන්තය පුරා.....

Monday, March 19, 2012

හංසි...

ඔහේ නිසලව ඉදන් විලතෙර
දසත මානේ
සොදුරු සිතුවම  
හංසියන් සිටි පිපි කුසුම් ලග
රනින් බැබලෙන සිනිදු තටු සලන
හංසි පැටියෙකු හොරහින්ම
ඇතින් නෙත්කොනින්
දුටුවා බලනු මා නෙතු
සද පිනි වැටෙන
තරු රෑ  යාමයේ
හද ඇගේ හොරහින්ම
කොදුරන වචන පෙළ ගැහුණු
මගේ හිත යායටම
අපුරුම කවි පදයක් වෙලා
ඇසුනා වගේ දැනුනා....

.............................................................................................සැ.යු- අත්දැකීමක් නොවේ .....

Wednesday, March 14, 2012

බබා .....














සිතුම් පව් බිද හිතින් රහසින්
ගලන ගගකින් අඩක් තරමින්
තෙරප තෙරපි ඉන්න විරීයෙන්
බරයි ඒ දුක මා හිතට දැන්....
දෙනෝදාහක හුස්ම අතරින්
සගවන්න ඒ ශෝක සුසුමන්
දරයි බර ඇසි පියන් යට මන්
බරයි කදුලැල් පියන් දෑසින්...
බොදව දසුනින් ගලන කදුලින්
තේමා දෙකොපුල් ගලන සිසිලෙන්
සැගවූ සිතුවම් ලොවට හොරැහින්
කොනින් ඇසිපිය දකියි ලොව දැන්...

Sunday, March 11, 2012

නෙතු මානයෙන් සැගවී...













දිලුණු  මිණිකැට වගේ නෙතු ලග
යලිදු හැර බැලුමට ඔබේ නෙතු
පියකරුයි ඔබේ රුව සතුයි ....
කුසුම පෙති ඒ සුවද රැන්දුව
ගසා හිසකෙස් සුන්දරයි...
නොදැනුනත් ඔබේ වචන අද මට
නෙතු කියුදේ අපමණයි...
ගෙවා බෝ දුර ඇවිද කල් මා
දුටුව සුන්දර ඇය නුබයි...
බෙදා ජාතිය කුලය ආගම
දකිනු බැ ඔබ මනහරයි.....
දනි යලි කිසි දිනක මා නෙතු
ඔබේ වත නොදකින බවයි ...


Saturday, March 3, 2012

සිහිනයෙන් දුටු ඔබ ...සිහින කුමරිය ...

ඉවසනු  මගේ
සිහින කුමරියේ
තරු මඩල පරදන
හදමඩල අබියස
සිහිල් සැදැවක
ඔබ මගේම වෙලා
තුරුල්ව ඉන්නට
මග බල ඉදිමි
ඒ දවස එන තුරා..
අදත් මා
පියවමි මගේ නෙතු
එනතුර නුබ මගේ
සුන්දර සිහිනයට ....
අපහැදිලි
ඔබේ රුව වත
යන්තමින් හෝ
දැක ගන්නට..
වරම් ලැබේවිද
මා හට
අඩි පහක්
අට අගල් තරමටම
සොභා ඔබේ රුව
පරදවන ඔබේ
නීල පියකරු
දිගුවූ වරලස ...
දිගටි ඇසි පිය
සලන නෙතු යුග
දුටුවේ සිහිනෙනෙන්
සිහින් ඉග සුග ..
සොදුරු දසුනයි
දකින්නේ මම ...
ඇයි ද නොදනී
අපැහැදිලි මට
රුවැති ඔබේ වත 
අවදි වන විට ...