Wednesday, February 29, 2012

රාගයෙන් මත් වෙලා




















සොදුරු යුවතිය  රැගෙන අතිනත
පිටව යන ඒ සොදුරු රැය තුල
නැගෙන විරාග
සිතුවිලි මඩල තුල
ආදරේ නාමයෙන්
වේලි ඒ ප්‍රේමයෙන් 
විදියි එහි සොදුරු සුව ...
එය නමින්  විරාගය  ....
සොදුරු හැගුමන් ගෙනෙන .....
එත් අද කීමේද මේ
රාගයෙන් වේලිලා
මිනිසුනේ කුණුවෙලා
ගැහැනුනේ වියැකිලා
තහනමින් නිදියන්න
බොහෝ අය හුරු වෙලා
මියනකල් එකට වී
එක්ක අපි වසමු යයි
පොරොන්දුව එකට වී,
එකිනෙකා ඇස වසා
රාගයෙන්  මත් වෙලා
කොහේදෝ ඔබ යන්නේ....
පලක් නෑ කොහේ ගියත්
ප්‍රමාදයි ඔබ මෙදා
ඔබේ දිවි නැවතිලා
අසමත දේ නිසා ........


හ්ම් මේක තමයි නේද අද ඇත්ත තත්වේ ...ඕනෑම කෙනෙක්ට  ආශාවන් කියන දේ හිතේ මතුවෙන එක සොබහවිකයි..එකේ කිසිම ගැටළුවක්  නෑ ...තමන් ආදරේ කරන ඒ තැනැත්තාට  /තැනැත්තියට  ඒ නැගෙන හැගීම් ..එහෙමත් නැත්තන් කියනවනං විරාගී සිතුවි ඒ ඒ අයගේ ආදරය මත ගොඩ නැගෙන උතුම් හැගීම් ..එත් අද බොහෝ අයෙක් එකිනෙකාට හොරැහින් තහනම් යහනේ නිදියන හුරුවෙලා...කොතරම ඇහෙනියක්ද මේ ,,දරුවන් සිටින තාත්තල,දරුවන් සිටින අම්මල  මේ දේවලට පැටලිලා ...අනේ ඒ දරුවන්ට යන කල කොහෙද වත් කියල යන්තමින් වත් හිතුවද .....පිරිමි කම කියන්නේ  රාගයේ දොරකඩ කියල හිතන් ඉන්න මිනිසුනුත් ...විවාහය කියන්නේ ගැහැනුන්ට ලැබෙන International Visa එකක් කියල හිතන් ඉන්න ගැහැනුත් නිසා තමයි ගොඩක්ම මේ තත්වේ උදා වෙලා තියෙන්නේ ...ඒ අය  නිකමටවත් හිතුවද දන්නේ නෑ,අපි මිනිස්සු මිස පාරේ ඉන්න බල්ලන් සහ බැල්ලියන් නොවෙයි කියා... ...මොහොතකට හිතන ..මෙවන් මානවයන් හා පාරේ වසන බල්ලන් අතර වැඩි වෙනසක් නෑ නේද ...ඔයාලත් මගේ අදහසට එකතු නං මේ සිතුවිල්ල මත ගොඩනැගුනේ මේ පද පෙලට තවත් දේවල්එකතු කරන්න ...ඒ හැමදෙයක්ම  ආදරය හොදින් හදුනන නියම මනුස්සයන්ත් ලොකු හය්යක් වේවි .....

Monday, February 20, 2012

බලාන ඉන්නනෙමි .....











නිහඩව නිසලව
බංකුව උඩ හිද
බලාන ඉන්නනෙමි
ඔබ එනතුරු අද,
සෙනගත් නැත අද
පාලුයි හැමතැන
ඔබ යලි එයිදෝ
සැගවී යයිදෝ .....
ඔබ නැති අඩුබව
හොදට දැනෙයි අද
ඉවසන් ඉන්නම්
ඔබ යලි එනතුරු
මේ බංකුව උඩ
දුක් දෙයි අද මට
එන්න යලිත් ඔබ
සමුද්ද්‍ර දේවිය

දුම්රිය පොළ ලග
බලා ඉදිමි මම ...

Tuesday, February 14, 2012

ස්නේහයෙන් සුලලිත හැගුම්

ඊයේ හවස ඉදන් ලියන්නට දෙයක් හිතමින් ඔහේ කල්පනා කරමින් සිටිය වෙලාවක හරිම ලස්සන අදහසක් මට අහම්බෙන් වගේ ලැබුණා, හ්ම්ම් ඇත්තමයි ....එක හරිම හැගීම් බර දෙයක්... ඇය  බ්ලොග් අවකාශයේ මගේ රසිකාවියක් කිව්වොත් හරි,ඇය එක්ක ඊයේ හවස මුණු පොතේ කොටමින් ඉන්නකොට මෙහෙම වදන් පෙළක් අයගේ චැට් බෝක්ස්  එකේ මම දුටුවා  කිව්වේ.."මල්ලා මට අද ටිකක් දුකයි ...මම මැරී කරලා අවුරුදු 13 ක් වෙනවා ...එත් වැලන්ටයින් ඩේ එකට  අයිය ලග නැතුව ඉන්න පලවෙනි වතාව මේ..ආදරේ එක දවසකට  සිමා නොවුනත්  ඒ දේ, අයිය ලග නැති අඩුව,තදින්ම දැනෙනනවා මල්ලි.........,චුට්ටක් ඉන්න මල්ලි,බබා අඩනවා මම ඉක්ක්මනට එන්නන්".........ඒ අනුව තමයි මේ පද පේලිය මට ලිය උනේ ...සැතපුම් දහස් ගානක් දුර හිටියත් ඒ ආදරේ එහෙන්මමයි ,තමන්ව ,තමන්ගේ චුට්ටව පෝෂණය කරන්න රැකියාවට සදහා ඒ සහෝදරයට ලෝකේ එහා කොනට යන්න උනත් හිතට ඒ හැගීම් තදින්ම දැනෙනනවා ....ඉතින් ඒ පුංචි කැදැල්ල වෙනුවෙනුයි මේ ......
 ආදරය
දෝතින් බදා පුදා මා පාමුල
ස්නේහයෙන් සුලලිත හැගුම්
තවරා මා හද පතුලට
සදාකල් ඔබ මගේම වෙලා
දහතුන් වසක් පුරාවට
උන්නත් නුබ මගේ ලග,
පෙමින් සමරන
දිනයේ අද ලොව
එත් නුබ නෑ ලගින් අද දින,
දුරින් සැතපුම් දහස් බෝ දුර
දුකයි අද මට සොදුරු යහනට
නුබේ උණුසුම් සුවය නැති විට ...
දුන්නු නුබ මට පෙමේ සලකුණ
තවම සුරැකිව නිදයි මා ලග...
එන්න හනිකට ගෙවා බොදුර
දුවයි අම්මයි බලයි පෙර මග ....

Sunday, February 12, 2012

කොත්තුව.....

දමා පදමට
කපා පොඩියට
පරණ එළවලු
කැලි කැලි පොඩිකර ..,
ගසා බිත්තර
දෙකක් එය මත
ගසයි තාලෙට
ටකට ටක ටක ....
ඊයේ  පරණම
ඉතුරු හොදි ටික
සමග කලවම්
කරයි රස ගෙන ,...
මස් ද මාළුද
ඕන මොනවද ?
සුපිරි සුවදට
ලැබෙයි  මේසෙට ..
දුටුව සැනෙකින්
උරණ කෙල ටික
ගිලෙනු මතෙන්
ගිලියි අප එය,
රසම රස බර
උනත් කන විට
දුක දැනෙන්නේ
උදේ පසු දින .....
රසට කෑවට
ගුණක් නැති බව
දැන දැනම අපි
කනවා කොත්තුව ....

Wednesday, February 8, 2012

හිතට වහල් වී....

 අපේ හිතට දුක වැඩි උනාම ...
අපි අහන්න කැමති විරහ ගීත
නැත්තන් ඒ වගේ දුක හිතෙන කතා ....
එහෙමත් නැත්තන් තනි වෙලා
ඔහේ කල්පනා කරන්න ඒ ගැන..
ඒ දේවලින් තාවකාලිකව හිත සැහැල්ලු උනත්..
ඒ හැම දෙයින්ම
ඒ දුක් කන්දරාව අපේ හිතේ පතුලටම් කා වදිනවා...
ඒවගේ වෙලාවට අපි ඇසුරු කරන්නේ
අපේ ඒ දේවලට උදවු දෙන සගයෝ නං ....
ඔව් අපි ගොඩාක් කැමති වෙයි ...
මොකද අපේ හිත ඒ වලින්
තාවකාලිකව සැහැල්ලු වෙන්න උඩු දෙන නිසා,
ඒවගේම තමයි ....ඒ දේවලට විරුද්ද වෙන අයට
අපි අකමැති වේවි...
එත් ඇත්තන් ඇතිසැටියෙන් බලනව නං
අපි කරන්න ඕනේ මොකද්ද?
හිතට වහල් නොවී
ඒ හැම දේකිනම ඇත වෙන එක නේද ?
ඒ දේවලින් ඇත වෙන්න උදවු දෙන අයව
ලං කරගන්න එක නේද ?....
එත් .....මොහොතකට හිතන්න...
අපි අද කරන්නේ හරි දේද කියල...

Monday, February 6, 2012

පැතු ඒ සොයුරුදම් .....
















සොදුරුයි ඒ හැගුම්
සිසිලයි ඒ සවන්.....
අසන්නට පිං කරා
ඒ වදන්,
මිතුදමින් වැයෙන විනා
මියුරුතම වදන් පෙළ මාලා
ඔසුව ඒ දුක නිවන...
ඔබයි සබැදේ නිබද
මිතුදමේ සවිය ගෙන
නගන්නට හසරැල්
දෙකොපුල් පිසා කදුළු කැට
දිරිය වුයේ මෙමට ....
එත් අද කිමද මේ
නිදි කුමරි හැංගිලා
සිතුවිලිත් ගොළු වෙලා
දැනුනේ මේ තරම් මෙය
නැසුවේ මා දුක් කන්ද
නුබලගේ සොයුරුදම....
වැරදිලා නිම්නයක
පැතු ඒ සොයුරුදම්
නැතිවෙලා හොරහින්ම
නොදනෙමි කීමේද ඒ
කවුරුන්ද නිවැරදිම
කවුරුන්ද වැරදි අද ...
එත් හැගුනේ දෙයයි,
බොදවෙලා ඒ බැම්ම..
බිදිනු නම් එය එපා
රැදෙමු  අපි එක් වන්ව
දිනන්නට ජීවිතය
එකම සොයුරන් ලෙසට....

Saturday, February 4, 2012

සිහින සේයා මැද....

අනේ මන්දා ...
සිහින සේයා මැද
ඉස්සර වගේ උබ
පහුගිය ටිකේ මගේ ලගට
පාවෙලා අවේ නෑ....
ඇයි කියන්න නං 
දන්නේ නෑ මම
එත් ...
කාලෙකින් අද  .....
ඒ සිහින  සිතුවමේ
මැවුනේ ඔයාද?,
අනේ මන්දා
ගැස්සුනා මම ...
දැක්කම ඔයාව ....
ඇහැරුනා මම..
ඉක්මනටම ....
ඒ මොකද දන්නවද?
ඉස්සර වගේ ඒ හීනේ
මට දැන් රසයක්
නැති  නිසා
වෙන්න ඇති නේද?
මොනවා උනත් 
ඇත්තක් කියන්නන්, 
තාමත් ඒ රුව වත
ඒ වගේමයි ...ලස්සනයි ...
ඇත්තමයි ...