Tuesday, July 17, 2012

ඔබ කොහෙද ?

ඉරක් තරමටම
නැතත් ඔබ ලග එලිය
සදකන් දහරක් වී
හැකිදට ඔබට විහිදන්න
පුංචිම පුංචි එළියක් මට ....
සිසිල දෙන්නට හෙට
සිත් අහස පුරා
මද අදුර මැදින්
හෙමි හෙමිහින්
උනුහුමින් තුරුල් වෙන්න
ආදරෙන්.....
නිවලන්ට ජිවිතේ
හෙට උපදින
හිරු රැස් වලට යටින් ,
පෙරම මග බලන්නම්
ඔබේ සිසිලෙන්
මගේ හිත නිවන්න
එනතුර හෙට දින ඔබ...
එත්,
ඔබ කොහෙද ?

11 comments:

  1. හරිම ලස්සනයි.....ඇය ඇති නුඹ ලඟම මල්ලියෝ....!!! :)

    ReplyDelete
    Replies
    1. හෙහෙ එහෙමද.....මම හොයනවා..එත් නැනේ හොයාගන්න

      Delete
  2. දැනුනා ඔබ ඇති බව
    මගේ හද පතුලේ....
    රිදුනා ඔබ නැති බව
    දැන මගේ තුරුලේ...

    කෙසේ කියම් ඒ හදවත් රාවේ
    වරද මගෙයි ඔබ හැර ආ පාපේ
    සමාව දිය නොහැකි පෙර වගේ
    කුමරුනි මම දනී ඔබ හදවත් රාවේ

    ශිතිජය දනී අප දෙදෙනාගේ ආලේ
    මතකද බලන් වුන් හැටි අපි ඒ කාලේ
    නොහැකිය ගෙවන්ට ආපසු ඒ කාලේ
    වරද මගෙයි කුමරුනි පෙර වගේ

    (ප.ලි. - ඔබ හැර ගිය දුක මම දැන් විදිනවා කුමරුනි.... නමුත් ලංවිය නොහැකි ලෙස අප වෙන වී හමාරය....... මතු බවේදී මම ඔබ පතමි)

    ReplyDelete
  3. හරිම ලස්සනයි!

    ReplyDelete
  4. ලස්සන අදහස් ටිකක් එකට ගලපලා තියෙන්නේ .

    (අකුරු වල පාට වෙනස් කලොත් නරකද ?)

    ReplyDelete