Sunday, June 3, 2012

කුරුළු කුඩු......

වලාකුළු සේ පාවෙලා ඇවිත්
වාසනාවෙන් එපිටට ගිහින්
ආදරෙන් ලං වෙලා
තටු සලන පෙම් කුරුල්ලන්ට
මිතුරු කම් සතුටු විට
සනසන්න සරසන්න මිතුරු කම
ලා මතකයි උන් එදා ඒ
පුංචි කුරුළු කුඩුවට
කිරිලියන්ට ගල් ගස්සන්න
හොරහින්ම
එත් අද ඒ සොදුරු පෙම් කව තවත් ....
තව තවත් සවි වෙලා
ආදරෙය ඉතිරිලා ගිහින්
සතුටුයි ,ගොඩක් සතුටුයි
උබල දෙන්න දැක්කම,
හැමදාමත් මෙහෙම ඉන්න
ආදරෙන් ප්‍රර්ථනා කරනවා
අයියේ ,නංගියේ ....
 
ඔව් ..තවත් කතාවක් ...එත් හරිම පිරිසිදු කතාවක්,තව පැත්තකින් හරිම අවාසනාවන්ත කතාවක් ....ඔව් අපි හැමෝටම යාලුවෝ ඉන්නවා,ඒ අයට ආදරයන් ඇති වෙනවා,අපි ඒ ආදරේ ජය ගන්න උදවු කරනවා,ඔය ඔක්කොම හරි,එත් යාලුවනේ,සතුටින් ඉන්න කුරුළු කුදුවකට ගල් ගහල තමන්ගේ යාලුවට ආදරේ ජයගන්න උදවු කරන්න නං එපා, ඒවගේම තව කෙනෙකුගේ ආදරයක් උදුරා ගන්න හදන්න එපා. ,එහෙම අයටත් උදවු දෙන අයටත් හෙන හත ගහනවා.ඔව් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ඇත්තටම ආදරේ කාරණා දෙන්නෙක් වෙන් කරන්න බෑ කියල,එත් ඒ අදරෙලා ලගින් ඉදන් විස්බිජ දන්නා ඕන කෙනෙක්ට පුළුවන්,ඒ වෙලාවට ඒ දෙන්නට නොදැනීම ඒ ආදරේ විනාස වෙන්න පුළුවන්.මෙහෙම කරණා ඕන තරන් ජරා මිනිසසු ඉන්නවා.මේවා සොබහවික දේවල්.මේ වගේ අභියෝගයක අද්දැකීමක් මගේම හිතවත් සොයුරෙකුයි සොයුරියෙකුයි ජය ගත්ත.පහු ගිය දවසක් බොහොම කාලෙකින් ඒ යුවලම දුම්රිය පළේදී මගේ ඇහැ වැටුනා,ගොඩක් සතුටුයි ඒ ලස්සන කුරුළු ජෝඩුව දැක්කම,ඒ වෙලාවේ දුම්රියට නැගල මින්ස්සු අස්සේ තෙරපි තෙරපි කොහොම හරි හිතට අපු මේ වචන ටික කොලෙකට ලිය ගන්න මට පුළුවන් උනා.සුපුරුදු පරිදි ඔයාල මේකේ හොද නරක කියන්න,අවසානය ප්‍රර්ථනා කරන්නේ ඒ යුවලටත් ,මේ මිහිමත ඇත්තටම ආදරේ කරණා හැමෝටමත් සුබ පතනවා, ඒ වගේම අර අහිංසක කුරුළු කුඩු වලට ගල් ගහ උන්ගේ හිත්වල ඇත්ත ආදරේ තේරුම වැටහෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා.එහෙන අපි ගියා ,ටටා .....
 
 

12 comments:

  1. Hansith eyalata suba pathanawa.atta adare mona badaka awath dinanawa.lassana adahasak.jaya wewa.ta ta

    ReplyDelete
  2. මගෙනුත් හදවතින්ම සුභ පැතුම්...........!!!!!!!~~~~~~~~ :)

    ReplyDelete
  3. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මුලු ලෝකෙම ලස්සනයි වගෙ

    ReplyDelete
  5. සුභම සුභ පැතුම්....!!

    ReplyDelete
    Replies
    1. මන් කියන්නන්කෝ සුභ පැතුවා කියල ...

      Delete
  6. උණුසුම් සුබ පැතුම්...!!!!

    ReplyDelete